තමන් කුමන පක්ෂයකට තම ඡන්දය ලබාදුන්නද පාර්ලිමේන්තුවට සුදුසු පුද්ගලයින් තොරා එවනලෙසද, තරුණ ගැටලු සාකච්ඡාකළහැකි පිරිසක් මීළඟ පාර්ලිමේන්තුවට තෝරා පත්කරනලෙසද අග්රාමාත්යවරයා පැවසීය.
වත්මන් පාර්ලිමේන්තුව තරුණ ප්රශ්න අමතක කර ඇති බවත් ඒ හේතුවෙන් තරුණයින්ට පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් විශ්වාසය බිදවැටීඇතිබවත් තරුණ ප්රශ්න සදහා විසදුම් ලබාදිය හැකි නියෝජිතයින් පිරිසක් පාර්ලිමේන්තුවට පත්කර එවීමට එළඹෙන මහ මැතිවරණයේදී ඡන්දය භාවිත කරන්නැයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ප්රකාශකරන ලද්දේ ජාතික තරුණ දිනය වෙනුවෙන් මහරගම ජාතික තරුණ සේවා සභාවේ අද(23) පැවති උත්සවයේදීය.
ඉදිරි වසර 5 ක කාලය තුළදී තරුණ ගැටලු විසදීමට කටයුතු කරන බවද වික්රමසිංහ මහතා පැවසීය.