රජය සිදුකළ වැට් බදු සංශෝධනයත් සමග බස් රථ නඩත්තු කිරීම සඳහා වියදම් වන මුදල් ප්‍රමාණය 25% - 50% ත් අතර මුදලකින් ඉහළ ගොස් ඇති නිසා බස් ගාස්තුව ඉහළ දැමිය යුතු බව බස්රථ හිමියන්ගේ සංගම් සඳහන් කරයි.
වැට් වැඩිවීම නිසා බලපාන තත්ත්වය බස් හිමියන්ට බලපා ඇති බවත්, ජුනි පළමුවැනිදා වනවිට අවම ගාස්තුව රුපියල් 10 ක් වී ඉතිරි ගාස්තු 25%කින් ඉහළ දැමිය යුතු බවත් සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය සඳහන් කරයි.
වසර තුනකින් බස් ගාස්තු ඉහළ දැමීමක් සිදුනොකළ බවත්, මේ නිසා එම කාලය තුළ සිදු වූ භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම හා මැයි මස 02 වැනිදා සිට සිදු වූ වැට් බදු සංශෝධනය නිසා බස්රථ කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා සඳහන් කළේය.
වැට් බදු සංශෝධනය තුළින් භාණ්ඩ හා සේවා ගාස්තු 04% කින් ඉහළ යා යුතු වුවද, මේ වනවිට බස්රථ අමතර කොටස් හා සේවාවල මිල 25% - 50% අතර අගයකින් ඉහළ ගොස් තිබෙන බවද ඔහු පවසා සිටියේය.
මේ නිසා අවම ගාස්තු 02 ක් සහිතව ධාවනය කරන බස්රථ 2500 ක් කිසි ලෙසකින් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙන බවත්, මේ නිසා රුපියල් 08ක්ව පවතින අවම ගාස්තුව රුපියල් 10 ක් බවට පත්කර ඉතිරි ගාස්තු 25%කින් ඉහළ දමන ලෙස අද (09දා) රජයට යෝජනාවක් ඉදිරිපත් කරන බවද අංජන ප්‍රියංජිත් මහතා සඳහන් කළේය.
මේ අතර, වැට් බදු සංශෝධනය හා වෙනත් ආකාරවලින් අමතර කොටස් සහ සේවා මිල ඉහළ යාම නිසා සමස්ථ බස් රථ කර්මාන්තයම දැඩි අර්බුදයකට ලක්ව ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
මේ නිසා කඩිනමින් බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
සාමාන්‍ය ක්‍රම‘වේදයට අනුව ජූලි පළමු වැනිදා සිදුවන බස් ගාස්තු සංශෝධනයේදී අවම ගාස්තුවද ඉහළ දැමිය යුතු බව ඔහු පවසා සිටියේය.