වකුගඩු රෝගයට හේතුකාරක වේ යැයි සැලකෙන ඉතා විෂ රසායනික ද්‍රව්‍යයක් වන ග්ලයිපොසෙට් වල්නාශකය අද (22දා) සිට ආනයනය සහ වෙළෙඳාම මුළුමනින්ම තහනම් කිරීමට රජය තීරණය කළ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
"රජය විදිහට අද අපි තීරණය කළා මේ රටේ වකුගඩු රෝගයට මූලික වශයෙන් විෂ රසායනික ද්‍රව්‍යයක් ලෙස සැලකෙන ඉතාම විෂ සහිත රසායනික ද්‍රව්‍යයක් වන 'ග්ලපොසෙට්' මෙරටට ආනයනය කිරීම හා විකිණීම අද ඉඳලා තහනම් කරන්න. පසුගිය ආණ්ඩු ගණනකට මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කළත් වැඩක් වුණේ නැහැ.
සමහර සමාගම් අද උදෙත් මට කතා කරා. ගෙනත් තියන ටික විකුණා ගන්න දෙන්න කියලා ඉල්ලුවා. මම කිව්වා ඒකට ඉඩදෙන්න බැහැ කියලා. මිනිස්සු මරන්න දෙන්න බෑ* යනුවෙන් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
අද බණ්ඩාරණායක සම්මන්ත්රන ශාලාවේ පැවති උත්සවයකදී ජනාධිපතිවරයා මේබව පැවසීය