වසරක කාලයක් තුළ දී දික්කසාද නඩු දහසකට අධික ප්රමාණයක් කොළඹ අධිකරණ කලාපයෙන් පමණක් වාර්තා වී ඇති බව 'අද'ට වාර්තාවේ. දික්කසාද නඩු 1004ක ප්රමාණයක් 2015 වසර තුළ දී කොළඹ දිසා අධිකරණයට ලැබී ඇති අතර එය පසුගිය වර්ෂ සමග සසඳා බැලීමේදී කොළඹ අධිකරණය වෙත ලැබුණු දික්කසාද නඩු ගණන දහස ඉක්මවූ පළමු වතාව බව කොළඹ දිසා අධිකරණයේ නිලධාරියෙක් 'අද'ට පැවසීය.
පසුගිය වසරේදී දික්කසාද නඩු 1004ක් ලැබී අති අතර, 2014 වසරේදී 998 කි. 2013 වසරේදී දික්කසාද නඩු 876 ක්ද, 2012 වසරේදී දික්කසාද නඩු 943 ක්ද ලැබී ඇතැයි වාර්තා වේ. දික්කසාදයක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු චෝදනා තුන වන ලිංගික බෙලහීනතාව, අනාචාරය සහ ද්වේශ සහගත ලෙස අතහැර යෑම යන චෝදනා අතරෙන් ද්වේශ සහගත ලෙස අතහැර යෑම යන චෝදනාව මත මෙම නඩු අතරින් වැඩිම නඩු ප්රමාණය ඉදිරිපත් වී ඇති බවද සඳහන් වේ.