උතුරු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපතිවරයා වන එම්.පී.ඒ. ජෙගනාදන් මහතා අද (01දා) මිය ගියේය. නියෝජ්‍ය සභාපතිවරයා හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් තිබේ. ඔහු ගමන්ගත් යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට විසිවී අනතුරකට ලක්ව ඇත. 2013 වසරේ පැවැති මහ මැතිවරණයේ ඔහු උතුරු පළාත් සභාවට තේරී පත්විය. රාජකාරී කටයුත්තක් සඳහා ඔහු යතුරු පැදියෙන් ගමන් කර තිබේ.