ඇඹිලිපිටිය පොලීසියේ නිලධාරීන් හා ප්රදේශවාසීන් කිහිපදෙනෙකු අතර ඇතිවූ සිද්ධියේදී පොලීසිය බලය ඉක්මවා කටයුතු කර තිබෙන බවට පොලිස්පතිවරයාගේ නියමයෙන් සිදුකළ පරීක්ෂණයේදී හෙළිවී තිබෙන බව වාර්තා වේ.
මේ අනුව ඇඹිලිපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් 20 දෙනෙකුට හා ප්රදේශය භාරව සිටි සහකාර පොලිස් අධිකාරිවරයාට එරෙහිව විනය ක්රියාමාර්ග ගැනීමට නියමිත බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.