මේ සතියේ ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන තම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන්, රැකියා ව්‍යාපාර යනාදියත් හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතිය පුරා ගෙනදෙන, ගොඩනගන මේ සතියේ ශුභඵලදායී ලග්න වනුයේ මේෂ, වෘෂභ,කටක, සිංහ, කන්‍යා, වෘශ්චික, මීන වැනි ලග්නයන්ය.
එබැවින් මෙවැනි ලග්නයකින් උපන් ඔබට ඉහත කාර්යයන් කෙරෙන් ශුභඵල රැසක් මෙම සතිය තුළ ගෙන දෙන්නේය. තම දෛනික කාර්යය කටයුතු සැලසුම් කළ පරිදි කරගෙන යාමට තම පවුල ඇතුළු පිටස්තර සමාජයෙන්ද ආධාර උපකාර සහයෝගීතාවයත් නිරවුල්ව ලැබේ. දෛනික තම ආදායම් මාර්ගවල ප්‍රගතිය අඩාල කිරීමට බලපා තිබූ බාධක දුෂ්කරතාවන් පහවී යන්නේය. අවශ්‍ය දේට මුදල් ලැබේ. ඔබගේ ප්‍රසිද්ධිය හා ස්ථාවරය වැඩිකරන කටයුතු රැසක් ඉටුකිරීමට රැකීරක්ෂා රාජකාරියෙන් විශේෂ වැඩකටයුතු රැසක්ද පැවරෙනු ඇත. විදෙස් රැකියා ගමන් සාර්ථක වේ. ව්‍යාපාරයේ මූල්‍ය කටයුතු පිළිබඳ වැඩි අවධානයක් ඇති වේ. ආයෝජනයට අවශ්‍යව තිබූ මුදලක්ද ලැබේ. අධ්‍යාපන ආයතන තුළ අන්‍ය ශිෂ්‍යයන් අතර කැපී පෙනෙන දක්ෂතාවයන් ඔබ තුළින් මතු වන්නේය. විරුද්ධ ලිංගිකයන් සමග හිතවත්කම් බැඳ ගැනීමට හෝ කතාබස් කිරීමට හෝ ආශ්‍රය කිරීමට ඉඩකඩ ලැබේ. නව සබඳතාවකටද මුල පිරේ. යුග දිවිය යහපත් ලෙස ගත වේ.
මෙම සතියේ තම අධ්‍යාපන කටයුතු දැනුම කුසලතාවයට සම්බන්ධ සියලු කාර්යයන් මෙන්ම ඊට සම්බන්ධ අරමුණු, සැලසුම්, ගමන්බිමන්වලට අදාළ කාර්යයන් මෙන්ම තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්ට අවහිර බාධා ප්‍රමාදවීම් ඇතිකිරීමට හේතු ගෙනෙන ලග්න, වනුයේ ධනු, මකර, කුම්භ වැනි ලග්නයන්ය.
එබැවින් මෙවැනි ලග්නයකින් උපන් ඔබට මෙම සතිය පුරාවට අධ්‍යාපන ක්ෂේත්රයේ ඇතැම් කටයුතු වලදී සැක බිය උපදවන දෑ සිදුවේ. අධ්‍යාපන ක්ෂේත්රයේ නියැළෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග අනවශ්‍ය ප්‍රශ්න වලට සම්බන්ධ වීමට ඉඩ පවතින නිසා ඥානාන්විත වන්න. ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ ප්‍රගතියක් ඇති නොවන බැවින් වියදම පාලනය කරගත යුතුය. මුදල් ලැබෙන මාර්ග සම්බන්ධව අවහිරකම් යෙදේ. හිමිකම් ගැටලු පැනනැගීම නිසා ඥාතීන් අතර හිත් අමනාපකම් වුව මතු වෙයි. එබැවින් මෙම සතිය තුළ මේවා කෙරේද අවධානයෙන් කටයුතු කරන්න.
මේ සතියේ ආදර සබඳතා හා යුගදිවියේ මෙන්ම ගෘහජීවිතයේ කාර්යයන්ට අදාළව යම් යම් ප්රශ්නකාරී, ගැටලුකාරී ස්වභාවයන් මතුවන, පැනනගින ලග්න වනුයේ මිථුන, තුලා වැනි ලග්නයන්ය.
එබැවින් මෙවැනි ලග්නයකින් උපන් ඔබට හිතවත්කමට යැයි විවිධ අය තමාව අමාරුවේ දැමීමට යම් යම් විවාහ යෝජනා ගෙන එන සතියක් බැවින්, ඔබ මෙවැනි දෙයට මෙම සතියේදී හසු නොවන්න. ගතකරන ප්‍රේමදිවිය තුළද මතභේදකාරී ගති ඇති නොකර ගන්න. විශේෂයෙන් ඔබ තම විවාහ සහකරු හෝ සහකාරිය මෙන්ම ඇසුරුකරන තරුණයා හෝ තරුණිය සමග ඇති සබඳතා කෙරෙහි සැලකිලිමත් වන්න. සුළු සුළු දෙයට පවා මතභේද අමනාප සිදුවන දෑ ඇතිකර නොගැනීමටත් ඥානාන්විත වන්න. කරන කියන දෑ වලින් ප්‍රශ්න ඇතිකර නොගැනීමට සැලකිලිමත් වන්න. මානසින සතුට සැනසීම නිතරම වාගේ අඩු වීමට පුළුවන. සිතේ අදහස් නිතර වෙනස් වීමට ඉඩ තිබේ. උත්සාහයෙන් ක්‍රියා කරන්න.
බෙන්තොට-හේමන්ත.
www.isiwarajothisa.com