Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
බලපිටිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා සමග කෙටි සාකච්ඡාවක යෙදෙන්නට පසුගියදා අපට හැකි විය. මේ ඔහු සමග කළ සාකච්ඡාවයි.
?ඔබ බොහෝ කාලයකට පස්සේ තමයි පුවත්පත් සාකච්ඡාවකට සහභාගී වෙන්නේ. දේශපාලනයෙන් ඉවත්ව සිටියාද
නෑ. දේශපාලනයෙන් ඈත්වුණේ නැහැ. ගාල්ල දිස්ත්‍රික්කයේ කළයුතු දේශපාලන කටයුතු මගේ පිරිස් සමග මම දිගටම කරගෙන ගියා. තවමත් කරගෙන යනවා. ඒ වගේම තමයි අන්තර්ජාලයේ සහ මුහුණුපොතේ විටින්විට මා දකින දේවල්වලට මම මගේ ප්‍රතිචාරය ලබාදී තිබෙනවා. හැම වෙලාවේම හැමදේටම කතා කරන්න යන්නෙ නැතුව, විටින්විට අවශ්‍ය දෙයට විතරක් කතා කරලා ඉන්න එක තමයි මම හිතන්නේ හොඳම දේ.
අද මේ රට මුහුණපාන ගැටලු විශාල ප්‍රමාණයක් තිබෙනවානේ. වර්තමානය තුළ දේශපාලන වතාවරණය විකෘති වෙලා තියෙන්නේ. පක්ෂ අතරත්, පුද්ගලයන් අතරත් විශාල විකෘතිභාවයක් පේන්න තියෙනවා. මම හිතන්නේ ඒ හැමදේටම විසඳුම තමයි නුදුරේදී එන ජනාධිපතිවරණය. මේ තියෙන ගැටලු නිරාකරණය කරගෙන අලුත් ආරම්භයක් ලබාගන්න හෙට අනිද්දාම අවස්ථාව උදාවෙනවා.
?මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළ දිනවකවානු තුළදී ජනාධිපතිවරණයක් පැවැත්වේ යැයි ඔබ විශ්වාස කරනවාද
ව්‍යවස්ථාවේ හරි පැහැදිලිව ජනාධිපතිවරණය පැවැත්විය යුතු කාලවකවානු කියල තියෙනවනේ. ඒකට ඡන්ද ක්‍රමයක් මාරුකිරීම හෝ වෙනත් ප්‍රශ්න කිසිවක් අදාළ නැහැනේ. ඒ නිසා මං හිතන්නේ එහෙම ගැටලුවක් පේන්න නැහැ. මම දැක්කා මැතිවරණ කොමසාරිස්තුමා ජනාධිපතිවරණය පැවැත්විය යුතු කාලවකවානු ගැන හරිම පැහැදිලිව සඳහන් කරනවා. මම හිතනවා එතුමා සඳහන් කළ පරිදි ජනාධිපතිවරණය පැවැත්වෙයි කියලා.
?ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන මේ මොහොත වනවිට වැඩි වශයෙන් කතා වෙනවා. ඔබ ඒ සම්බන්ධයෙන් මොකද හිතන්නේ
දේශපාලන පක්ෂ දෘෂ්ටිකෝණයෙන් බැලුවොත් අපි මාධ්‍යයෙන් දකිනවා සෑම පක්ෂයකින්ම තමන් කැමති කෙනා ගැන කතා කරනවා. ඉතින් සෑම දේශපාලන පක්ෂයක්ම ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය ගැන ලැහැස්ති වෙනවා පේනවා. ඒ වගේම තමයි අපි හීනෙන්වත් හිතන්නේ නැති නම් පවා මේ අවස්ථාවේ කරළියේ කතා වෙනවා. ඒකෙ වරදක් නැහැ. ඒක තමයි ප්රජාතන්ත්රවාදය කියන්නේ. ඕනෑම රටක, පක්ෂයකට, ඕනෑම පුද්ගලයෙකුට තමන් ජනාධිපතිවරණයට තරග කරන්න සුදුසුයි කියලා හිතෙන එක වරදක් නැහැ. නමුත් මම හිතනවා ඉදිරි සති කිහිපය තුළ ප්‍රධාන පක්ෂ සියල්ලම තමන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා ගැන සඳහන් කරයි කියලා. එතෙක් අපි ටිකක් ඉවසන්න ඕන. කුතුහලයත් හොඳයි නේ.
?ඔබ නියෝජනය කළ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ දෙක තවමත් ජනාධිපතිවරණය සඳහා පැහැදිලි එකඟතාවකට පැමිණ නැති බවක් පෙනෙන්න තිබෙනවා. එය ප්‍රධාන පක්ෂ දෙකට ගැටලුවක් නොවේද
ඔබ ඔය කතා කරන්නේ පොහොට්ටුව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර තිබෙන සාකච්ඡා ගැන වෙන්න ඕන. මම එක්තරා අවධියක නියෝජනය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයනේ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෘෂ්ටිකෝණයෙන් බලනවා නම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිවලට අනුව පොහොට්ටුවේ ප්‍රතිපත්ති කියන්නේ හාත්පසින්ම වෙනස් දෙයක්. ඒ පක්ෂ දෙක එකතු වෙනවා කියන සාධකය මට නම් පේන්නෙ නැහැ. මම හිතන්නෙ නැහැ ඒක ලෙහෙසියෙන් කරන්න පුළුවන් කියලා. ඒක මට පේන්නේ දෘෂ්ටි මායාවක් හැටියටයි.
?පසුගිය අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ප්‍රහාර ගැන ඔබේ අදහස කුමක්ද
මම දැක්කා විදේශිකයෙක් මුහුණුපොතේ ලිපියක් පළකරලා තිබුණා අයි.එස්.අයි.එස්.ලා ශ්‍රී ලංකාව තෝරාගෙන තිබුණේ නැහැ, හැබැයි ලංකාවේ සිටින අන්තවාදීන් විසින් අයි.එස්.අයි.එස්. තෝරාගත්තා කියලා. එතැනින් අපි ඔය ප්රශ්නය ආරම්භ කළොත් හොඳයි කියලා මට හිතෙනවා.
මම දකින එක දෙයක් තියෙනවා. අයි.එස්.අයි.එස්. ජාත්‍යන්තර ත්රස්තවාදයක් කියලා තහවුරු වෙලා ඉවරයිනේ. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය සහ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය අතර වෙනස එල්.ටී.ටී.ඊ. එක වගේ අයි.එස්.අයි.එස්.ලාගේ ඉල්ලීම් නැහැනේ. එය දෙවියන් සමග කරන ගනුදෙනුවක්. මෙය කුරාණයත් නෙමේ. නමුත් අපට නොපෙනෙන අදෘශ්‍යමාන දෙවියෙකු සමග කරන ගනුදෙනුවක්. ඒ ගනුදෙනුව තියෙන්නේ එතැන. ඒක තමයි එහි ස්වභාවය. නමුත් අපි කල්පනා කරලා බලන්න ඕන ඇයි මේ අන්තවාදීන්ට
අයි.එස්. සමග සම්බන්ධතා ඇතිකරගෙන මේ තරම් දුරට එන්න පුළුවන්කම ලැබුණේ කියල. එක්තරා කාලයක අපේ ආණ්ඩුව තුළත් අපි අන්තවාදයකට ගියා. ඒ ඉතිහාසය මිනිස්සු දන්නවා. එතැන අන්තවාදයක් ඇතිවුණා. මම දකින විදියට අන්තවාදයට අන්තවාදයෙන් මුහුණදෙන්න තමයි මේ සියලුදෙනාම ඒකරාශී වුණේ. අපි දන්නවා ඉතිහාසයේ මේ සංවිධාන නොයෙක් නොයෙක් ආකාරයෙන් පාවිච්චි වෙලා තියෙනවා. යම් යම් ක්‍රියාමාර්ගවලට ඒවා පාවිච්චි වෙලා තියෙනවා.
මම දැක්කා අසාද් සාලි මහතා පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරියේ සාක්ෂි දෙනකොට සඳහන් කර සිටියා, ඒ සම්බන්ධයෙන් කතා නොකර සිටිනවාට ඔහුට කර්නල්වරයෙකු මුදල් දෙන්න හැදුවා කියලා. ඒවායෙන් අපට පේනවා මේවා අදෘශ්‍යමාන හස්තයක් මගින් ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ වගේම අපි දන්නවා බෞද්ධාගම සම්බන්ධ කරගෙන දේශපාලන අන්තවාදයක් හදාගත්තා. එහෙම නැතුව බෞද්ධාගම තුළ අන්තවාදයක් කතා වෙන්නෙ නැහැනේ. එක අන්තවාදයක් නතර කරන්න තවත් අන්තවාදයක් එනකොට මේ අයි.එස්.අයි.එස්. වගේ සංවිධාන සමග සම්බන්ධ වෙලා, විශාල වශයෙන් මුදල් අරගෙන මෙවැනි ක්‍රියාදාමවලට යොමුවෙන පිරිස් නිර්මාණය වෙනවා කියන එකයි මගේ හැඟීම. ඒ නිසා අපි සියල්ලටම කලින් සියලු අන්තවාද රට තුළින් නැති කරන්න ඕන. නීතියෙන් නැති කරලා දාන්න ඕන. පාලනයෙන් නැති කරන්න ඕන.
?පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ දේශපාලනඥයන් කිහිපදෙනෙකුට ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් වෙන්න යැයි රට තුළ මතයක් හැදෙමින් තිබූ අවස්ථාවක සියලු මුස්ලිම් ඇමතිවරුන් තමන් දැරූ තනතුරුවලින් ඉල්ලා අස්වීම ඔබ අර්ථකථනය කරගන්නේ කෙසේද
ඒ ක්‍රියාදාමය මම දකින්නේ වෙනස් විදියට. ඒක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරියෙන් සිටින පිරිසගේ නොහැකියාව සහ පළපුරුද්දක් නැතිකමයි. මොකද රිෂාඩ් බද්යුදීන් හිටපු ඇමතිවරයාට චෝදනා තිබෙනවා නම්, වැරදි කරලා තිබෙනවා නම් ඒක විසඳන්න ඕන පාර්ලිමේන්තුව නොවේ. පාර්ලිමේන්තු ක්‍රියාදාමය වෙනම ක්‍රියාදාමයක්. එය විසඳන්න ඕන පොලීසියට ගිහිල්ලා පැමිණිලි කරලා, විමර්ශනය කරලා වෙනම නීත්‍යනුකූල පියවරක් ගන්න ඕන. ඒකයි මම කියන්නේ එම ක්‍රියාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසකගේ අත්දැකීම් නැතිකම නිසා සිදු වූ දෙයක් කියලා.
මොකද මේ හැමදේකම ඇතුළාන්තයක් තියෙනවානේ. මේ පක්ෂ කොහොමද හැදිලා තියෙන්නේ, පක්ෂ සම්බන්ධතා කොහොමද හැදිලා තියෙන්නේ. අපි ඒවා ගැනත් හොයා බලන්න ඕන. තව දෙයක් තියෙනවා, මේ වගේ අවස්ථාවකදී අපේ දේශපාලන තරහමරහා පිරිමහ ගන්න බැහැ. ඒ හරහා ගොඩනැගුණු වාතාවරණයට මුහුණ දෙන්න තමයි හිටපු මුස්ලිම් ඇමතිවරු සියලුදෙනාම එකට ඉල්ලා අස්වුණේ කියලයි මම හිතන්නේ. නමුත් ඇමති තනතුරු අත්හැරීමෙන් පාඩුවක් වෙන්නේ ඔවුන්ටයි. මම හිතන විදියට රටේ ජනතාවට ඒකෙන් කිසිම බලපෑමක් නැහැ. ඔවුන්ගේ දේශපාලන පක්ෂවලට, දේශපාලන බලයට තමයි ඒකෙන් පාඩුවක් වුණේ. ඒ සම්බන්ධයෙන් මුස්ලිම් දේශපාලනඥයන්ට ගැටලුවක් නැති නම්, අපට ඒ ගැන ප්‍රශ්නයක් ඇතිවෙන්න විදියක් නැහැ.
?මුස්ලිම් දේශපාලනඥයන් ප්‍රශ්නයක් ඇති වූ පසු එකට හිඳිමින් ඔවුන්ට එකට සිටිනවා කියා පෙන්නුවත්, බහුතර සිංහල ජනතාව වෙනුවෙන් දේශපාලනඥයන් එකට එකතු වෙන්නේ නැහැ කියලා රටේ ජනතාව චෝදනා කරනවා.
මෙහෙමයි, මේක සිංහල රටක්නේ. ඒක අපට නැහැ කියන්න බැහැනේ. ඉතින් ඒ ස්ථාවරය තියෙනකොට මුස්ලිම් ජනතාව ඒකරාශී වෙන්නේ තමන්ගේ ජාතියට, තමන්ගේ වර්ගයට අභියෝගයක් එනකොට. සමාජයේ එක එක ප්‍රශ්න තියෙනවා. මම නැහැ කියන්නෙ නැහැ. අන්තවාදයට යන ඒවා, ඇඳුම පිළිබඳ තියෙන ගැටලුව වගේ විශාල ප්‍රශ්න තියෙනවා. දැන් බලන්න ශරියා නීතිය ගෙනාවේ කවුද? අපේ කාලෙදිනේ ශරියා නීතිය ගෙනාවේ. එවැනි දේවල් නීත්‍යනුකූලව පාලනය කරන්නෙ නැතුව, බලන්නෙ නැතුව කරන්න ගියාම ජන සමාජයේ බහුතරයක් හිතන්නෙ වෙනස් විදියට. මුස්ලිම් ජන සමාජයේ මේ සම්බන්ධයෙන් කතා වෙනවා. එහෙම ඇඳුමක් තියෙන්න ඕන කියලා කොහේවත් කියලා නැහැ කියලා ඔවුන් කියනවා. ඒ වගේම තමයි ආරක්ෂාවට තර්ජනයක් තියෙනවා කියලත් එයාල පිළිගන්නවා. නමුත් ඔවුන්ගේ සමාජයේ ගැහැනු උදවියට ඒක ටිකක් වැදිලා තියෙනවා. ඒ නිසා එවැනි දේවල් මුස්ලිම් ජන සමාජයත් එක්ක එකතු වෙලා තමයි කරන්න ඕන කියන එකයි මගේ අදහස.
අපට සිංහල ජාතියක් හැටියට මේ රටේ තර්ජනයක් තියෙනවද කියලා හිතලා බලන්න. සිංහල ජනතාව තවමත් 75% මේ රටේ ඉන්නවානේ. අපි ඒකරාශී වෙනවා. නැත්තෙ නැහැ. නමුත් අපි ඒකරාශී විය යුත්තේ මොනවටද? තවත් ජනතාවක්, කොටසක් නැති කරන්නද? පාගන්නද? යටකරන්නද? එහෙම නැතුව අපි මේ රට තුළ ශ්‍රී ලාංකේය අනන්‍යතාවක් සමග ඉදිරියට යනවද? එතැනනේ ප්‍රශ්නෙ තියෙන්නේ. දේශපාලන නායකයන් දැනගන්න ඕන සියලු ජාතීන් එකතු කරගෙන ශ්‍රී ලාංකේය අනන්‍යතාවක් යටතේ ඉදිරියට යන්න. නැතුව මහ ජාතිය සුළු ජාතිය පාගලා අද ලෝකයේ තිබෙන ස්ථාවරය උඩ ඉදිරියට යන්න බැහැනේ.
?පාස්කු ප්‍රහාරයට පසු පාර්ලිමේන්තුව තුළ දැඩිව කතාබහට ලක්වුණා රටට එක නීතියක් අවශ්‍යයි, වගේම ශරියා නීති වැනි වෙනත් නීති ඉවත් කරන්න අවශ්‍ය බව. නමුත් දැන් ඒ ගැන කතා වෙන්නේ නැහැනේ
ශරියා නීතිය ඉවත් කරන්න අවශ්‍ය නම් ඒක පාර්ලිමේන්තුවෙන් කළයුතු දෙයක්නේ. මොකද ඒක 2013 දී පාර්ලිමේන්තුවට පනතක් ගෙනත් අපි සම්මත කරගත් දෙයක්නෙ. මගෙත් පෞද්ගලික අදහස රටේ එක නීතියක් තියෙන්න ඕන කියන එක. මම දැක්කා අසාද් සාලි මහතා ශරියා නීතියට අලුත් විවරණයක් දෙනවා. ශරියා නීතිය බලපාන්නේ මුස්ලිම් අයට පමණයි, තමන්ගේ ජීවිකාව කොහොමද කරගෙන යන්න ඕන කියන පදනම තමයි ඒකෙ තියෙන්නේ කියලා. එහෙම නම් ඒක අපි පාර්ලිමේන්තුව හරහා පිළිගත් නීතියක් කරන්න අවශ්‍ය නැහැනේ. එය භක්තියක් හැටියට, තමන්ගේ පිළිගැනීමක් හැටියට, තමන්ගේ ආගමේ කොටසක් හැටියට කරගෙන යන්න පුළුවන්. එහෙම නම් කරන්න තියෙන්නේ මේ සියලුදෙනාම එකතුවෙලා පාර්ලිමේන්තුවට පනතක් ගෙනැල්ලා සම්මත කරගෙන, එම නීතිය ඉවත් කරන එකයි. ඒවාට කතිකාවන් ඇතිවෙන්න ඕන.
?2020 පාර්ලිමේන්තු මැතිවරණයට ඔබ ඉදිරිපත් වෙනවාද
අනිවාර්යයෙන්ම මම ඉදිරිපත් වෙනවා.
?කුමන පක්ෂයෙන්ද ඔබ ඉදිරිපත් වෙන්නේ
ඒක මම වෙලාව ආවාම කියන්නම්.
popular news
Champa Tuesday, 25 June 2019 10:16 AM
මහින්ද චන්දෙට දාන්නේ කවුද කියලා තාම කවුරුවත් දන්නේ නැහැ. හැබැයි මිනිස්සු ඊලඟ ජනාධිපති විදිහට තෝරන්නේ මේ වගේ මහින්දගේ කෙවට්ටයන්ට නැවත එන්න නම් නෙමෙයි.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd