සිය මෝටර් රථය තුළ සමලිංගික සේවනයේ යෙදීමට උත්සාහ කළ මැලේසියානු තරුණියන් දෙදෙනෙකුට එරට ආගමික උසාවියේදී කස පහර ලබාදී ඇති බව විදෙස් වාර්තා පවසයි.
වයස අවුරුදු 22 සහ 32 අතර වයසේ පසුවූ මෙම තරුණියන් දෙදෙනාට කස පහර 6 බැගින් ලබාදී ඇත්තේ, තෙරන්ගනාවු ප්‍රාන්තයේ ෂරියා උසාවියේදීය.
මැලේසියාව තුළ සමාන ලිංගිකයන් දෙදෙනෙකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරමින් ප්‍රසිද්ධියේ මෙවැනි කස පහරදීමක් සිදුකළ ප්‍රථම අවස්ථාව ලෙසද මෙය ඉතිහාසයට එක්ව තිබේ.
මැලේසියාව තුළ සාමාන්‍ය නීතිය යටතේ මෙන්ම, ආගමික නීතිය යටතේද සමලිංගික සේවනය සම්පූර්ණයෙන් තහනම් වෙයි.
මෙම කස පහරදීමේ අවස්ථාව නැරඹීම සඳහා 100ක පමණ පිරිසක් එක්ව සිටි බව මැලේසියානු මාධ්‍ය වාර්තා පවසයි.