ලොව නොනවත්වා ගමනේ යෙදෙන දීර්ඝතම ගුවන් ගමන යළි ආරම්භ කරමින් සිංගප්පූරු ගුවන් සේවය නිව්යෝක් දක්වා සිදුකළ සිය මංගල ගමන සාර්ථකව අවසන් කර තිබේ.
මීට වසර 5කට පෙර සිංගප්පූරු ගුවන් සේවය එම ගුවන් ගමන නවතා නවතා දමා තිබුණේ ඊට දැරීමට සිදුවන අධික වියදම නිසාය.
කෙසේ වෙතත්, පාරිභෝගික ඉල්ලීම පරිදි යළි ආරම්භ කෙරුණු ගුවන් ගමන සිංගප්පූරුවේ සිට නිව්යෝක් වෙත කිලෝමීටර් 15,000ක් ඉක්මවමින්, පැය 17යි, විනාඩි 52කින් ළඟාවී තිබීමද විශේෂත්වයකි.
සිංගප්පූරු ගුවන් සේවය පවසන පරිදි මෙම ගුවන් ගමන සඳහා පැය 19ක පමණ කාලයක් ගත වනු අති බව මුලින් සඳහන් විය.
මෙම මංගල ගුවන් සවාරිය සඳහා මගීන් 150ක් සහ කාර්ය මණ්ඩලයේ 17 දෙනෙකු සහභාගී වී ඇති අතර, සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ22 නවතම එයාර්බස් ගුවන් යානය මෙම සංචාරය සාර්ථකව අවසන් කර තිබුණි.
මෙතෙක් දීර්ඝතම ගුවන් ගමන ලෙස කටාර් ගුවන් සේවය ඔක්ලන්ඩ් සිට දේහා දක්වා පැය 17.5ක ගුවන් ගමනක් සිදුකරන අතර, ක්වන්ටස් ගුවන් සේවය පර්ත් සිට ලන්ඩන් දක්වා පැය 17ක ගුවන් ගමනක් සිදු කරයි.
මෙම නවතම ගුවන් යානයෙහි ආසන 161කින් ආසන 67ක් ව්‍යාපාරික පන්තිය වෙනුවෙන්ද, ආසන 94ක් අධිමිල පන්තිය වෙනුවෙන්ද වෙන්කර ඇත. කෙසේ වෙතත්, මෙහි සාමාන්‍ය අඩුමිල පන්තියේ ආසන වෙන්කිරීමක් නොවේ.