දකුණුදිග තායිලන්තයේ බෞද්ධ ආරාමයකට කඩා වැදුණු ඉස්ලාම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් භික්ෂූන් වහන්සේ දෙනමක් අපවත්වී තවත් දෙනමක් තුවාල ලබා තිබේ.
සිද්ධිය ඇසින් දුටුවන්ට අනුව කළු වර්ණයෙන් සැරසී යතුරුපැදියකින් පැමිණි මෙම තුවක්කුකරුවන් රට්ටනාවුපාප් බෞද්ධ විහාරයට ඇතුළු වී භික්ෂූන් අභිමුවට ගොස් මෙම ම්ලේච්ඡ වෙඩි තැබීම සිදුකර ඇත.
මෙම ප්‍රහාරයේ වගකීම කිසිවෙකු විසින් මෙතෙක් භාරගෙන නොතිබුණත්, මැලේසියානු දේශසීමාවට යාබද නරතිවට් පළාත තුළ ඉස්ලාම් අන්තවාදීන්ගේ ක්‍රියා වරින් වර ඉස්මතු වී තිබුණි.
බෞද්ධයන් බහුතරයක් වෙසෙන මෙම ප්‍රාන්තය තුළ සිය අණසක පැතිරීම සඳහා ඉස්ලාමීය අන්තවාදීන් කලක පටන් ආයුද සන්නද්ධ අරගලයක නිරතව සිටියි.
2004 වසරේ සිට ඇතිවී තිබෙන මෙම ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මේ වනවිට 7,000ක පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් බහුතරය සාමාන්‍ය වැසියන්ය.