ලෝක ප්‍රකට විදුලි මෝටර් රථ සමාගමක් වූ ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් සජීව වෙබ් වීඩියෝවක කංසා පානය කළ දසුනක් නිසා සමාගමේ කොටස් අගය 10%කින් කඩා වැටී තිබේ.
මෙම සිදුවීමත් සමග එම සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලයන් දෙකක් වහාම ක්‍රියාත්මක වන පරිදි සමාගමෙන් ඉල්ලා අස්වී ඇති අතර, ඒ අතර සමාගමේ ප්‍රධාන ගණකාධිකාරීවරයා සහ ප්‍රධාන මානව සම්පත් ප්‍රධානියාද වෙති.
විකට නළුවෙකු වන ජෝ රෝගන් සමග මක්ස් මෙම මත්ද්‍රව්‍ය පානය කර ඇති අතර, එම සිදුවීමෙන් පැය කිහිපයක් ගතවන විට සමාගමේ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනා සමාගමෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.
මේ හැලහැප්පීම් සමග සමාගමේ කොටස් අගය ඇමෙරිකානු කොටස් වෙළෙඳ පොළෙහිදී 10%ක පහළ වැටීමක් පෙන්නුම් කර ඇත.
පසුගිය කාලය පුරා එලොන් මස්ක් පෙන්නුම් කළ නොමනා හැසිරීම් රැසක් සමාගමේ ඉදිරියට බලපා ඇති බව සඳහන් වන අතර, තායිලන්තයේ ගුහා දරුවන් බේරාගත් ප්‍රකට කිමිඳුම් විශේෂඥයාද බාල අපරාධකරුවෙකු ලෙස පසුගියදා ඔහු ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබුණි.