කැතේ පැසිෆික් ගුවන් සේවයට අලුතින් එක්වූ යානයක Cathay Pacific යන නම වැරදියට ලියා තැබීම හේතුවෙන් එම යානය යළිත් පින්තාරු කිරීම සඳහා යොමුකර ඇත.
හොංකොං කේන්ද්‍ර කරගත් කැතේ පැසිෆික් සමාගමේ නවතම ගුවන් යානයක එහි නම සඳහන්ව ඇත්තේ "Cathay Paciic" යනුවෙනි.
කෙසේ වෙතත්, හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී මෙම වැරදීම දුටු ගුවන් මගියෙකු එහි ඡායාරූපයක් ගෙන ඒ පිළිබඳ ගුවන් තොටුපොළ මෙන්ම අදාළ ගුවන් සමාගමද දැනුවත් කර තිබේ.
මෙම අනාවරණය සම්බන්ධයෙන් සමාජජාල මාධ්‍යවල තොරතුරු හුවමාරු වන බැවින්, එය අත්වැරැද්දක් බව සියුම් විහිළුවක්ද සමග හැඟවීමට කැතේ පැසිෆික් සමාගම කටයුතු කර තිබේ.
කෙසේ වෙතත්, මෙය සුළු අත්වැරැද්දක් නොවන බව පෙන්වා දෙන කැතේ පැසිෆික් ගුවන් සමාගම මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කර ගනිමින් සිටින බවද කියයි.