කොරෝනා වෛරස් වසංගත තත්ත්වය හේතුවෙන් ගමනාගමනයට සීමා පැනවීමත් සමග වුහාන් නගරයේ දෛනික කටයුතු සියල්ල අඩාල වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
එහිදී වුහාන් නගරයේ දුම්රිය, බස් සහ කුලී රථ සේවා පවා නවත්වා තිබීම නිසා නගරයට ඇතුළු වීම සහ පිටවීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ.
කෙසේ වෙතත් වුහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුත් තවමත් වෛරසයට නිරාවරණය වූ බවක් වාර්තා නොවන තත්ත්වයක වුවත්, ආහාර පාන හිඟවීම නිසා ඔවුන් යම් අර්බුදයකට ලක්වීමේ අවදානමක් පවතින බව කියැවෙයි.
එහිදී වුහාන් නගරයේ දිවිගෙවන 30කට අධික ශ්‍රී ලාංකේය සිසුන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා සිය නවාතැන්වලින් පිටතට යෑමට පවා නොහැකි තත්ත්වයක් උදා වී තිබේ.
බොහෝ කඩ සාප්පු වසා දමා ඇති අතර, විවෘතව තිබෙන සීමිත ප්‍රමාණයේ භාණ්ඩ ඉතා අධික මිලකට අලෙවි කරන බවද සඳහන් වෙයි.