කළු කෝපි තවදුරටත් බඩේ අජීර්ණයක් සඳහා පානය කරන තිත්ත රසින් යුතු කටුක පානයක් විය යුතු නැත. “කෝපි වැනි රසයක්” යැයි සිතේ මැවෙන රසයක් පිළිබඳ ඔබ සිතන්නේ නම් නිවැරදිව ‘French press coffee‘ කෝප්පයක් සකස්කර ගැනීම සිදුකළ යුතුවේ.

රසවත් කෝපි කෝප්පයක් සාදා ගැනීමට අවශ්‍ය වන කෝපි ඇට ප්‍රමාණය ග්‍රෑම් 32ක් වේ. එය නැවුම්ව කබලේ බැදගනු ලැබූවක් නම් වඩාත් යෝග්‍ය වේ. ඔබට රසවත් කෝපි කෝප්පයක් සාදා ගැනීම සඳහා රූප සටහනේ පවතින මිනුම භාවිතයට ගත හැකිය.

බෘෘ ග්‍රයින්ඩරයක් භාවිතයෙන් වැලිකැට ප්‍රමාණයේ කුඩා කැබලි වන තුරු කෝපි කුඩුකර ගන්න. ජලය හොඳින් නටන තුරු රත් කරගන්න ( ෆැරන්හයිට් අංශක 195ත් 205ත් අතර උෂ්ණත්වයකට) French Press coffee maker තුළට කුඩු කරගත් කෝපි එක් කරගෙන එය කුස්සියේ භාවිතයට ගන්නා බර කිරන උපකරණයක තබා, බර ග්‍රෑම් 480 වන තුරු උණු වතුර එකතු කර ගන්න. ඉන්පසු විනාඩි 4ක් පමණ කෝපි තැම්බෙන්නට හරින්න. කෝපි කැබලි තවදුරටත් සිහින්ව කුඩුවන තුරු ‘French Press coffee maker’ භාවිතයෙන් රූප සටහනේ පරිදි විනාඩි 2ක් පමණ ග්‍රයින්ඩ් කරගන්න.

තවදුරටත් කෝපි කුඩු කර ගැනීමට අවශ්‍යනම් තවත් විනාඩි දෙකක් පමණ ග්‍රයින්ඩ් කරගන්න. ඉන්පසු පෙරණයක් භාවිතයෙන් කෝප්පයකට පෙරා ගැනීමෙන් ඔබට රසවත් කෝපි කෝප්පයක් සකස් කරගත හැකිය.

නදීශානි පතිරණ

 

0 comments

Leave a Reply

Post Comment