08 වැනි වරටත්පවත්වනු ලැබූ රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළ පෙරේදා (12) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වූයේ කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් 2012 වසරේ පුංචිතිරය තුළ විකාශනය වූ ටෙලිනාට්‍ය, වාර්තා වැඩසටහන්, විශේෂාංග වැඩසටහන්, ප්‍රවෘත්ති විකාශන ඇතුළු අංග රාශියක් සඳහා කුසලතා දැක්වූ විශිෂ්ටයන්ට මෙවර සම්මාන ප්‍රදානය කළේය.

 

හොඳම මාලා නාට්‍යය

යකඩ පහන්තිර - භාතීෂ ද සිල්වා / ජයලත් පීරිස්

හොඳම මාලා නාට්‍ය අධ්‍යක්ෂණය

යකඩ පහන්තිර -  අනුරුද්ද ජයසිංහ

 

හොඳම කැමරාකරණය

යකඩ පහන්තිර - චින්තක සෝමකීර්ති

හොඳම තිර රචනය

අහසින් වැටුණා - නාමල් ජයසිංහ

හොඳම අංග රචනය 

මොනරතැන්න - නාරද තොටගමුව

හොඳම කලා අධ්‍යක්ෂණය

පරණ ටවුම - කුමාර කරව්දෙණිය

 

හොඳම ශබ්ද නිර්මාණය

යකඩ පහන් තිර - රංජිත් රූබසිංහ

 

හොඳම සංස්කරණය

යකඩ පහන්තිර - තිස්ස සුරේන්ද්‍ර

හොඳම සංගීත අධ්‍යක්ෂණය

යකඩ පහන්තිර - රුවන් වල්පොල

හොඳම ගී තනු නිර්මාණය

‍මොනරතැන්න - රංජිත් ප්‍රේමවීර (මලේ බඹරු රඟනා)

 

හොඳම ගීත පදමාලාව

‍මොනරතැන්න - රංජිත් ප්‍රේමවීර (මලේ බඹරු රඟනා)

හොඳම ගායනය

මොනරතැන්න - අමරසිරි පිරිස් / සශිකා නිසංසලා (මලේ බඹරු රඟනා)

 

හොඳම නළුවා

ධවල කඩුල්ල - ශ්‍රියන්ත මෙන්ඩිස් (අංකුට්ටාගේ චරිතය)

 

හොඳම නිළිය

මොනරතැන්න - මේනකා පීරිස් (සත්‍යකාන්තිගේ චරිතය)

 

හොඳම සහය නළුවා

මොනරතැන්න - සුමින්ද සිරිසේන (මානියං ගමරාළගේ චරිතය)

 

හොඳම සහය නිළිය

යකඩ පහන්තිර - සුලෝචනා වීරසිංහ (රුචිනිගේ චරිතය)

කුසලතා සම්මාන

සෙනුරි වාකිෂ්ට - නතාලියා දැරිය (අහසින් වැටුණා)

හොඳම ගීත දෘෂ්‍යකරණය

මේඛලා ගමගේ - අම්මා සංගීත වීඩියෝව - සමන් ප්‍රියන්ත විජේතුංග

හොඳම ප්‍රවෘත්ති කේන්ද්‍රීය වැඩසටහන

කුරුණෑගල බස් කප්පම - චමින්ද කරුණාරත්න

හොඳම හොඳම හඬකැවීම් වැඩසටහන

Ice Age - තුසිත එස්. කරවිට

හොඳම පූර්ව ප්‍රචාරක පටය

ලක්ෂපති 7788 - සමිත් බස්නායක

හොඳම පසුතල නිර්මාණය

The Debetor (සිංහල) සමිත් බස්නායක

හොඳම ප්‍රවෘත්ති නිවේදක (සිංහල)

වසන්ත ප්‍රදීප් මාසිංහ

හොඳ ප්‍රවෘත්ති නිවේදක (ඉංග්‍රීසි)

Sonali Wanigabaduge – MTV

යාවජීව විශිෂ්ඨතා සම්මානය

බර්ටි ගුණතිලක (සිංහල)

නොයෙලින් හොන්ටර් (ඉංග්‍රීසි)

කමලිනි සෙල්වරාජන් (දමිළ)

මීට අමතව පුරෝගාමී සම්මාන නමින් කලාකරුවන් වෙත සම්මාන 11 ද, ශ්‍රී ලංකාවේ මුල්ම ටෙලි නාට්‍ය වන දිමුතු මුතු ටෙලි නාට්‍ය විකාශය වී දශක තුනක් සැපරීම නිමිත්තෙන් එහි සියලුම ශිල්ප ශිල්පිනියන් හට සම්මාන ප්‍රධානය කිරීමද සිදු කෙරිණි. 

ඡායාරූප ඉසුරු පෙරේරා

0 comments

Leave a Reply

Post Comment