හේමාස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ස්ටීවන් එන්ඩර්බි මහතා සිය ධූරයෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව 2020 ඔක්තෝබර් 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි එම ධූරය සඳහා කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය පත් කළ බව හේමාස් හෝල්ඩින්ග්ස් නිවේදනය කළේය.

මෙම අනුක්‍රමික සැලැස්මෙහි කොටසක් ලෙස, 2020 ජූලි මස 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි කස්තුරි මහත්මිය හේමාස් හෝල්ඩින්ග්ස් හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරි මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් ලෙස ද පත් කරනු ඇත.

හේමාස් හි දශක දෙකක තම වෘත්තීමය කාලසීමාව අතරතුර කස්තුරි මහත්මිය, සමාගමේ ප්‍රධාන ක්‍රියාවලි නිළධාරී (Chief Process Officer ) බවට පත්වූ අතර ඉන් අනතුරුව 2011 දී ඇය සමූහයේ ගුවන්, සංචාරක සහ ප්‍රවාහන ව්‍යාපාර ප්‍රධානී ලෙස කටයුතු කර ඇත. 2016 දී කස්තුරි මහත්මිය හට හේමාස් Pharmaceuticals හි කළමණාකාර අධ්‍යක්ෂ ධූරය පැවරිිි.

කස්තුරි මහත්මිය එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකාවකි. ඇය ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් ව්‍යාපාරික පාසලේ (Harvard Business School) ජ්‍යෙෂ්ඨ විධායක නායකත්ව වැඩසටහන ඇතුළු නායකත්ව වැඩසටහන් රැසකට සහභාගී වී ඇත.

වසර ගණනාවක් තිස්සේ ඇය කර්මාන්ත සංසද සහ ප්‍රජාවන් සඳහා ක්‍රියාකාරිනියක ලෙස දායක වී ඇත. ඇය Capital Alliance Ltd හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් ලෙස කටයුතු කරන අතර ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදයේ සභාපති ධූරය හොබවයි. කස්තුරි මහත්මිය 2019 දී ශ්‍රී ලංකාවේ සුවිශේෂී කාන්තාවන් ගේ ලැයිස්තුවට (Women Changemakers in Sri Lanka) තේරී පත්වීමත් සමඟ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පිළිගැනීමට ද ලක් වූවාය.

0 comments

Leave a Reply

Post Comment