බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ආශිර්වාදාත්මක, මහත් ඵල, මහානිසංස පිරිත් දේශනාවන් මගින් බල ගන්වන ලද මහානුභාව සම්පන්න ආශිර්වාද රන් පෙන්ඩන හයක් ලොව ප්‍රථම වරට හඳුන්වා දෙන්නට ‘ස්වර්ණමහල්’ ආයතනය පසුගියදා කටයුතු යොදා තිබිණි.

‘රතන සූත්‍රය^, ‘ජය පිරිත^, ‘සූරිය පිරිත’, ‘බොජ්ජංග පිරිත’, ‘මෝර පිරිත’ සහ ‘රත්නමාලී යන්ත්‍රය’ ලේසර් තාක්ෂණය මගින් මෙම පෙන්ඩන තුළට අක්ෂර ගතකර තිබේ. එකී පිරිත් හා සූත්‍ර පහසුවෙන් කියවාගත හැකිවන පරිද්දෙන් සැකසූ අත්කාචයක් සහ සූත්‍රයන්හි සියලු ගාථාවන්වලින් සමන්විත පොත් පිංචක්ද මෙම ආශිර්වාද රන් පෙන්ඩනය සමග පිරිනැමේ.

අතැති මුදලට සරිලන අයුරෙන් සකසා ගැනීමේ පහසුකම සහිතව මෙම පෙන්ඩන එකතුව හඳුන්වා දී තිබීමද විශේෂත්වයකි. පසුගියදා ස්වර්ණමහල් හෙට්ටි වීදිය ශාඛාවේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මෙම පෙන්ඩන හඳුන්වාදීම සිදුකෙරුණ අතර, මෙම අවස්ථාව සඳහා දොඩම්පහළ රාහුල හිමියන් හා පන්නල ඥානාලෝක හිමියන් වැඩම කර සිටියහ. ආශිර්වාදාත්මක සෙත් පිරිත් සජ්ඣායනයෙන් අනතුරුව කෙටි දහම් සාකච්ඡාවක් මහාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා හා හිමිවරුන් විසින් මෙහිදී පවත්වන ලදී.

එහිදී මහාචාර්යවරයා පිරිත් සහිත ආශීර්වාද පෙන්ඩනයක් පැලඳීම තුළින් ළඟාවන ආශීර්වාද හා ආනිසංසයන් පිළිබඳ මෙසේ පැවසූයේය.
රත්‍රන් ඉස්තරම් වෙන්නට තුන් සූත්‍රය හේතුවෙලා තිබෙනවා. මේ පෙන්ඩනවල පිරිත් සටහන අපිට පියවි ඇසෙන් බලන්නට බැහැ. ඒ නිසා අපිට තාක්ෂණික උපකරණයකුත් ලැබෙනවා. ඒ නිසාම කියන්න ඕන මේ වගේ කුඩා පෙන්ඩනයක් ඇතුළත මෙය ගැබ්කළේ කොහොමද යන්නම විශ්මිතයි.

මේ ආශිර්වාද පෙන්ඩනය හඳුන්වා දීමෙන් අපි යළි සිදුකරන්නේ අපේ සම්ප්‍රදායේ තිබුණ දෙයක් යළි මතුකිරීමයි. සුරයේ බහාලූ පිරිත වෙනුවට පෙන්ඩනයේ බහාලූ පිරිත අපි අතරට දැන් හඳුන්වා දී තිබෙනවා. මේ ආශිර්වාදාත්මක පෙන්ඩනයන් හඳුන්වා දුන්නේත් ධර්ම සජ්ඣායනාවක් මධ්‍යයේයි. පිරිත් දේශනයක් පැවැත්වූවා වගේම මේ පෙන්ඩනයන් තැන්පත් කරනු ලැබුවේ පිච්ච මල් උඩයි. ඒ වගේම බුද්ධ දේශනාවට කන් දුන්නා. ඒ වගේම පළමු දේ පූජා කළේත් සංඝයා වහන්සේට. ආශිර්වාදාත්මක පෙන්ඩනය ගෙල පැලඳීම අපි සිදුකරන්නේ පොහොසත්කම පෙන්වන්න නොවෙයි. මෙය හැම කෙනෙක්ම මිලදී ගන්නේත් නැහැ. ශ්‍රද්ධාවක් ඇති හා තුන් සූත්‍රයට ආදරයක් වගේම ගෞරවයක් තියන අයයි මෙය ගෙල පලඳින්නේ. 

ඉතින් ඒ නිසාම අලුත් සංස්කෘතියක ආරම්භයක් තමයි මේ ආරම්භ වන්නේ. මේ පෙන්ඩනය පැලඳීමෙන් ඕනම කෙනෙක්ට පිරිත් නූලක් පැලඳීමෙන් ලැබෙන ශක්තිය ලැබෙනවා. මෙහිදී අපේ ඇඟේ පිරිත ගෑවි ගෑවී තිබෙනවා කියන දේම අපිට ආශිර්වාදයක්. ඒ වගේම නොපෙනෙන ආධ්‍යාත්මික බලයක් එයින් ලබන්න පුළුවන්.  නමුත් මෙම අධ්‍යාත්මික බලය ලබන්න නම් බුදු දහම පිළිබඳ භක්තියක් හා ගෞරවයක් තිබිය යුතුයි. බෞද්ධ සම්ප්‍රදායේ නව ප්‍රවණතාවක් ලෙස මෙම ආශිර්වාද පෙන්ඩනය හඳුන්වා දෙන්නට පුළුවන්.
මෙම ආශිර්වාද පෙන්ඩන සංඝයා වහන්සේට පූජා කිරීම ’බෙන් හෝල්ඩිංස්’ සමාගමේ සභාපති ඇලෙක්ස් ඉංද්‍රජිත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම අවස්ථාවට සමගාමීව ‘රන් අස්වැන්න’ නමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ස්වර්ණාභරණ පහසු ගෙවීමේ ක්‍රමයට පාරිභෝගිකයින් වෙත ලබා දීමේ වැඩසටහනක්ද ස්වර්ණමහල් වෙතින් හඳුන්වා දෙනු ලැබීය. 
මෙහිදී මාස 3,6,9,12 ලෙස වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් ඉතා සරල ක්‍රමයක් යටතේ හඳුන්වා දී තිබේ. ජාතික හැඳුනුම්පතේ පිටපතක් සමග දිවයිනේ ඕනෑම ස්වර්ණමහල් ශාඛාවකට පිවිස මෙම ක්‍රමවේදය අනුව ස්වර්ණාභරණ ඇණවුම් කිරීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට උදා කරදී තිබේ.

නදීෂානි පතිරණ / ඡායාරූප - සරසි නෙත්මිණි

0 comments

Leave a Reply

Post Comment