වියට්නාමයේ ෆු ක්වොක් දූපතේ උපත ලැබූ බෞද්ධ සම්භවයක් සහිත පවුලක දියණිය වූ බිච්ලියන් පසුව ඇමරිකාව බලා සංක්‍රමණය විය. ඇමරිකාවේදී සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් බවට පත් වන ඇය පසුව ජාත්‍යන්තර රූ රැජින ලෙසින් අභිෂේක ලැබුවාය. එලෙස සිය දිවියේ උසස්ම සන්ධිස්ථානයක් ලබාගන්නා ඇය  සිය ධනවත් ජීවිතය සැහැල්ලුවෙන් අත හැර දමා බුදුදහමේ නිදහස් මාවතට පිවිස සිය දිවියේ ආධ්‍යාත්මික සුවය වෙත යොමු විය. කුඩා කල සිටම ඇමරිකාවේ ජීවත් වූ ඇය ලබාගත් අධ්‍යාපනය නිසාම ජීවිතය ජය ගනිමින් නිවැරදි මාවතකට ගමන් කිරීමට ඇයට හැකි විය. කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් ධර්ම විජය බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ගමහා පණ්ඩිත පූජ්‍ය වල්පොළ පියනන්ද හිමියන් මුණගැසීම ඇය සිය දිවියේ ලැබූ සුවිශේෂී සන්ධිස්ථානයක් විය. පසුකාලීනව ඇයට බෞද්ධ දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධියක් කැලණිය විශ්වවිද්‍යාලයෙන් ලබාගැනීමට හැකිවිණ. 2019 සැප්. 5 දින කැලණිය විශ්වවිද්‍යාලයේ 110 වන උපාධි උත්සවයේදී ඇය බෞද්ධ දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබන පළමු ඇමරිකානු - වියෙට්නාම භික්ෂුණිය බවට පත් වූවාය. එලෙසම බෞද්ධ දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධියක් ලැබූ පළමු රූ රැජිනද ඇය වේ. වර්තමානයේ ලංකාවේ කටයුතුවලටද සුවිශේෂී දායකත්වයක් ලබාදෙමින් කටයුතු කරන භික්ෂුණී ආචාර්ය බිච්ලියන් ​භික්ෂුණිය සසුනට ඇතුළු වී (ආචාර්ය එලිසබෙත් ) ලොව සියලුම  කාන්තාවන්ට සිය ජීවිතයේ පරමාදර්ශ බවට පත්කර ගත හැකි අපූර්ව චරිතයක්ම වෙයි.

පැතුම් විජේරත්න

 

0 comments

Leave a Reply

Post Comment