බොහෝ දෙනෙක් මේ සඳහා බටහිර ජ්‍යෝතිර්වේදයේ යම් යම් ක්‍රියාපිළිවෙත්, පිළියම් තිබෙන බව නොදනිති. එබැවින් කුඩා දරුවන් සිටින දෙමවුපියන් වෙනුවෙන් මෙම ගැටලුව සඳහා සුළු සුළු පිළියම් කිහිපයක් ගෙන ඒමට අප තීරණය කළෙමු. මේ ඒ පිළිබඳව ප්‍රවීණ ටොලමියානු ජ්‍යෝතිර්වේදී කේ.සී.ජේ. රත්නායක මහතාගෙන් අපි කළ විමසීමකි.

‘පින්බල සහිත දරුවෙකු බිහිකළ ඔබ ජාතික සම්පතකි. එම මවු පදවිය ලෙහෙසි පහසු වගකීමක්ද නොවේ. ඔබේ දරුවා කලට වේලාවට සයනය කරනවා නම් ඔහුගේ කායික හා මානසික වර්ධනයද ඉතා යහපත් වේ. බොහෝ කුඩා දරුවන්ට හටගන්නා දෝෂයක් වන්නේ හරිහමන් නින්දක් නොලැබීමයි. මේ සඳහා කළ යුතු අනර්ඝ පිළියම් කිහිපයක් බටහිර ජ්‍යෝතිෂයේ සඳහන් වේ.

සූදුරු ප්‍රතිකාරය
අවැසි ද්‍රව්‍ය
සූදුරු ඇට 5ක්
මහදුරු ඇට 5ක්
එනසාල් ඇට 3ක්
කුරුඳු පොතු කැබැල්ලක්  

කුඩා කොට්ට උරයක් මසා ගන්න. එම කොට්ට උරය තුළට ඉහත කී ද්‍රව්‍ය දමා එහි මුඛය වසන්න. ඉන්පසුව එය ඔබේ දරුවා නිදා ගන්නා තොටිල්ලේ හෝ ඇඳේ සිවුකොණේ එල්ලා තබන්න. ඒ ප්‍රතිකාරය හේතුකොටගෙන ඔබේ දරුවාට ඉතා හොඳින් නින්ද ලැබීම හා ඔහු ගන්නා ආහාරපාන ඉතා හොඳින් ජීර්ණය වීම යන ප්‍රතිලාභ හිමිවේ.

මේ මගින් දරුවාගේ අවිධිමත් නිදි රටාව ක්‍රමවත් ආකාරයට සකස් වනවා පමණක් නොව ඔහුගේ ආහාර ජීර්ණ පද්ධතියද ඉතා හොඳින් ක්‍රියාත්මක වේ. දරුවාගේ කායික හා මානසික වර්ධනය සම්බන්ධයෙන් මේ සූදුරු ප්‍රතිකාරය බටහිර රටවල මවුවරු භාවිතයට ගන්නා අතර, එය අපටද එලෙසම ප්‍රයෝජනයට ගත හැකිය. වෛරස, බැක්ටීරියා, දිලීර වැනි රෝගකාරක ක්ෂද්‍ර ජිවීන් දරුවා අසලට පැමිණීමෙන් සිදුවිය හැකි බොහෝ අනර්ථයන් මෙමගින් වළක්වා ගත හැකිය.

ඊට අමතරව දරුවන්ගේ නින්ද සඳහා ගත හැකි තවත් සාර්ථක පිළියමක් වන්නේ පෙරුම්කායන් ප්‍රතිකාරයයි. එය සිදු කරන්නේ මෙසේය. දරුවාගේ වයස අවුරුදු 3ට වැඩි නම් මදටිය ඇටයක ප්‍රමාණයට පෙරුම්කායන් ගන්න. එය දරුවාගේ වම්පාදයේ මහපට ඇඟිල්ලේ යට පැත්තේ වක්‍රදාරය මත තැන්පත් කරන්න. එම පෙරුම්කායන් සමට ස්පර්ශ වීම සඳහා සර්ජිකල් ප්ලාස්ටර් කැබැල්ලක් එම ස්ථානයෙහි ඇලවීම වැදගත් වේ. අඩුම තරමින් දින 21ක්වත් මෙම පෙරුම්කායන් ප්‍රතිකාරය භාවිතයට ගැනීමෙන් ඔබේ දරුවාගේ පවතින කායික හා මානසික ප්‍රසන්නභාවය ඉහළ යයි. සුව නින්දක් ලැබීමට දරුවාට ඉන් හැකියාව හා වාසනාව හිමි වේ.

ඉහත කී සූදුරු හා පෙරුම්කායන් යන ප්‍රතිකාර දෙකම එකවර සිදුකිරීම තුළින් ලබාගත හැකි ප්‍රතිලාභ රැසකි. රාත්‍රී නින්දෙන් බිය වී හැඬීම හෝ මධ්‍යම රාත්‍රියෙහි හීනෙන් බිය වී හැඬීම, තැති ගැන්වීම යන ආදී ලක්ෂණ පළ කරන දරුවන්ට ඉහත කී ප්‍රතිකාර දෙවර්ගයම සංයෝග කිරීමෙන් ඉතා හොඳ ප්‍රතිලාභ ලැ‌බේ. 

මෙය දරුවාගේ කායික හා ප්‍රසන්නභාවයට මෙන්ම මානසික ශක්තියටද මහෝපකාරී වේ. එමගින් සුව නින්දක්ට එරෙහිව පවතින බාධා ඉවත් කරනවා පමණක් නොව, ඔහුගේ ශාරීරික හා මානසික ක්‍රියාකාරකම්වලට නැවුම් ප්‍රබෝධමත් උත්තේජනයක් සැපයේ.

මීට අමතරව නින්ද නොයාම හා මහ රාත්‍රියේදී නින්දෙන් කලබල කරන දරුවන් සඳහා කළ යුතු තවත් පිළියමක් වන්නේ දෙහි කොළ හෝ පැඟිරි ලෙලි ප්‍රතිකාරයයි. එය  සිදු කරනුයේ පහත පරිදිය.

දෙහි කොළ හෝ පැඟිරි ලෙලි හොඳින් වේළා ගන්න. ඉන්පසුව ඒවා රෙදි පොට්ටනියකට දමා හොඳින් තළාගන්න. එසේ වෙන් කරගත් දෙහිකොළ හෝ පැඟිරි ලෙලිවල පොතු ආදිය හොඳින් වියළී තිබෙන බැවින් දරුවාගේ කායික හා මානසික වර්ධනයට යහපතක් මිස අනර්ථයක් සිදු නොවේ. මුලින් කී පැඟිරි කොළ හෝ දෙහි කොළ සහිත පොට්ටනිය දරුවාගේ සයනයේ හිසට ඉහළින් රඳවන්න. මේ සමගම දරුවාගේ නිදන ඇඳෙහි හිස දමන පැත්තෙහි මෙම පැඟිරි කොළ කුඩුකොට, පිරිසුදු පොල්තෙල් සමග එය මිශ්‍රකොට ඇඳෙහි පිටපැත්තේ ආලේප කිරීම මගින්ද ඔහුගේ කායික හා මානසික වර්ධනයට මහත් සහනශීලීභාවයක් ඇති කෙරේ’’

kcjrathnayake@gmail.com

කෂිනි හපුආරච්චි

 

 

0 comments

Leave a Reply

Post Comment