ඇමෙරිකාවේ උතුරු කැරොලිනාහී කාන්තාවක් සති තුනක කාලයක් නිවසෙන් බැහැරට නොගියත් කොරෝනා රෝගයට ගොදුරුව ඇති බවට වන පුවතක් මේ දින වල අන්තර්ජාතික මාධ්‍ය වාර්ථා කර තිබෙනවා. නිවසෙන් බැහැරව නොගිය ඇයට මෙම වෛරසය ආසාධනය වන්නට ඇත්තේ ඇය විසින් නිවසට ගෙන්වා ගත් ආහාර ද්‍රව්‍ය හා අත්‍යාවශ්‍ය භාණ්ඩ හරහා වන බවටයි විශ්වාස කරන්නේ. නිවසට ගෙනෙන බොහෝ දෑ සබන් දා සෝදා ගත්තද එළවලු පළතුරු ආදිය සබන් යොදා සෝදන්නට නොහැකි වනු ඇති. ඒ නිසාම එළවලු හා පළතුරු වල ඇති විෂබීජ නසන්නට පිළියමක් සටහන් කරන්නට අප අදහස් කළා. ඒ සදහා අවශ්‍ය වන්නේ වතුර කෝප්ප 4ක් හා විනාකිරි කෝප්ප ¼ක ප්‍රමාණයකි. ටවල් එකක් මත එළවලු හා පළතුරු තබා සාදාගත් ද්‍රාවණය එළවලු හා පළතුරු මත ස්ප්‍රේ කිරීම සිදුකර විනාඩි 10ක් පමණ තබා සෝදා හරින්න.

එළවලු පළතුරු විශාල ප්‍රමාණයක් සෝදා ගැනීම සදහා භාජනයකට වතුර පුරවා එයට විනාකිරි කෝප්පයක් මිශ්‍රකර ගන්න. එම භාජනයේ විනාඩි 10ක් පමණ එළවලු හා පළතුරු ගිල්වා තබා සෝදා ගන්න.

නදීශානි පතිරණ

 

0 comments

Leave a Reply

Post Comment