EXMO 2017 ඉංජිනේරු ප්‍රදර්ශනය 28 සහ 29 මොරටුව විශ්වවිද්‍යාලයේදී
මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කරනු ලබන 'EXMO 2017' ඉංජිනේරු ප්‍රදර්ශනය මේ මස 28 සහ 29 යන දෙදින තුළ මොරටුව විශ්වවිද්‍යාල භූමියේදී පැවැත්වීමට නියමිතය.
පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් හා ඉංජිනේරු වෘත්තිකයන්ට මෙන්ම මහජනතාවටද විවෘත මෙම ප්‍රදර්ශනය, ඉංජිනේරු පීඨයේ අවසන් වසර සිසුන්ගේ ව්‍යාපෘති, නව නිපැයුම්, වෙළෙඳ තාක්ෂණික ප්‍රදර්ශන කුටිවලින් සමන්විත බව සංවිධායකයෝ පවසති.
එදිනෙදා ජීවිතයට තාක්ෂණික දැනුම වැදගත් වන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් රාශියක්ද මෙම ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන බව ඔවුහු සඳහන් කරති.
මීට අමතරව පාසල් සිසුන්ගේ තාක්ෂණික දැනුම වර්ධනය කිරීමේ අධ්‍යාපනික සැසි මෙන්ම ඔවුන්ගේ තාක්ෂණික කුසලතා උරගා බැලීමේ තරග රැසක්ද එදිනට සංවිධානය වී තිබීම විශේෂත්වයකි.
සංවර්ධනය කරා යන ගමනේදී ශ්‍රී ලාංකේය ජන සමාජයට නවීන තාක්ෂණයේ දොරගුළු විවර කරමින් රටේ තාක්ෂණික සාක්ෂරතාව නංවාලීම 'EXMO 2017' ඉංජිනේරු ප්‍රදර්ශනයේ අරමුණක් බවද එහි සංවිධායකයෝ පෙන්වා දෙති.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

