හිටපු කොටි නායක දිලීපන්ගේ සැමරුමක් යාපනයේදී
එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයෙකු වන දිලීපන් නොහොත් රාසයියා පාර්දීපන් නැමත්තාගේ 31 වැනි සැමරුම අද (26දා) යාපනය නල්ලූර් කෝවිල පිටුපස ඇති ස්ථානයකදී දේශපාලන නියෝජිතයන් පිරිසකගේ සහ සාමාන්‍ය වැසියන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවත්විණි.
යාපනය නල්ලූර් කෝවිල පිටුපස පිහිටි දිලීපන්ගේ ස්මාරකය තිබූ ස්ථානයේ දිලීපන්ගේ ඡායාරූපයක් තබා යාපනය මහනගරාධිපතිගේ ප්‍රධානත්වයෙන් හා දෙමළ ජාතික ජනතා පෙරමුණේ නියෝජිතයන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් මෙම සැමරුම ආරම්භ කෙරිණි.
1987 සැප්තැම්බර් මස 15 වැනිදා දිලීපන් නොහාත් රාසයියා පාර්තීපන් යාපනය නල්ලූර් කොවිල පිටුපස මාරාන්තික උපවාසයක් ආරම්භ කළේ ඉන්දීය සාම සාධක හමුදාව මෙරටින් ඉවත්වන තුරු සිය උපවාසය අත්නොහරින බවට පවසමිනි.
එම උපවාසය අතරතුරදී කොටි නායක වේලුපිල්ලේ ප්රභාකරන්ද පැමිණ අදාළ උපවාසය නවත්වන ලෙසට ඉල්ලා සිටියද උපවාසය අත්නොහැරීම හේතුවෙන් සැප්තැම්බර් 26 වැනිදා ඔහු උපවාසය අතරතුරදී නිරාහාරව සිට මිය ගියේය.
මිය යන විටත් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඔහුට ලුතිනන් කර්නල් තනතුරක් ලබාදී තිබූ අතර, ඔහුව එවකට හැඳින් වූවේ ලුතිනන් කර්නල් දිලීපන් ලෙසිනි.





popular news
-
Champa Wednesday, 26 September 2018 05:19 PM
මොකොද පොලිසිය මේක නැවැත්තුවේ නැත්තේ? උතුරේ ඉන්න හමුදාව දැන් පොලිසියට යටත් නිසා කොස්සන්ගෙන් ඕඩරේ එනකම් හිටිය කියමුකො. ඒ වුනාට පොලිසියට මේක නවත්තන්න තිබුන. කෝ පොලිසියේ ත්‍රස්ත විමර්ශන අංශය වහලද? එතකොට ආරක්ෂක අමත්‍යංශයේ counter-terrorism unit එකට මොකොද වුනේ? ඒකත් වහැව්වද? උතරු දැන් ත්රස්තවාදින්ටම දීලද ඔඹල? පොලිසියේ අවසරයක් නැතුව මැරිච්ච ත්‍රස්තවාදියෙක් සමරුවේ කොහොමද? දාපියව් නඩු මේවටත්. විමල් අල් හුසේන්ට විරුද්ධව අවසර අරන් 2016 පෙබරවාරි 6 කොළොඹ පවත්තපු විරෝධතාවයට hand, hand loudspeaker එකක් පාවිච්චි කළා කියලා නඩු දාල තාම ඒ නඩුව යනවා. සිංහල අපිට එක නීතියක්. දෙමළුන්ට තව නීතියක්. ත්රස්තවාදීන්ට රාජ්‍ය අනුග්‍රහය. පව් අර ආබාධිත සෙබළු. යුද්ධෙට ගිහින් රට වෙනුවෙන් ජීවිත පූජා කරපු හමුදාවේ සෙබළු. රණවිරුවෝ ජීවිත පූජා කලේ මේවා නතර කරන්න. තොපි මක බෑවිලා යන්නේ කවත්ද කියල ලංකාවම බලා ඉන්නවා.
Reply : 0 35
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

