ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා
කැලණිය විශ්වවිද්‍යාලයේ පවතින ගැටලු හා යක්කල ආයුර්වේද වෛද්‍ය ආයතනයේ පවතින ගැටලු විසඳන ලෙසඉල්ලා විශ්වවිද්‍යාල ශිෂ්යයෝඊයේ (12දා) කොළඹ වෝඩ් පෙදෙසෙහි මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වූහ.
සවස 3.00 සිට පැය තුනකට අධික කාලයක් වෝඩ් ප්‍ර‘දේශ මාර්ගයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතා දක්වමින් ශිෂ්‍යයන් ඉල්ලා සිටියේ පවතින ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදී ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරන ලෙසයි.
මීට සමගාමීව කොළඹ කොටුවේ සිටවිශ්වවිද්යාල ප්‍රතිපාදන කොමිසම දක්වා විරෝධතා පාගමනක්ද පැවැත්විණි.
මෙහිදී කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයාකැලණිය විශ්වවිද්‍යාල ශිෂ්යයන්ටනේවාසිකාගාර නිසිලෙස නොමැති බවත්,ආපන ශාලාවේ ආහාර කිසිදු ගුණාත්මකභාවයක් නොමැති බවටත් චෝදනා කර සිටියේය.
කැලණිය තාක්ෂණ පීඨයට ශිෂ්‍යයන් බඳවාගෙන වසර තුනක් ගතවී තිබුණදතවමත් ස්ථිර පීඨ ගොඩනැගිල්ලක් නොමැති බවදකී ඔහු විද්‍යාගාර පහසුකම් විෂය නිර්දේශ පවා සකස් කිරීමට පාලකයන් අසමත් වී ඇතැයිද කියා සිටියේය.
වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය ආයතනය තුළ ශිෂ්‍ය මර්දනයක් තිබෙන බවත්,මේ නිසා කඩිනමින් මේ ගැටලුවලට විසඳුම් ලබාදිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
ශිෂ්‍ය විරෝධතාව නිසා වෝඩ් පෙදෙසේ මාර්ගවල ගමනාගමනය සම්පූර්ණයෙන් අනහිට තිබූ අතර,අවට මාර්ගවල විශාල වාහන තදබදයක් ඇතිවිය.
වෝඩ් පෙදෙස මාර්ගයට ජල බවුසර් තුනක් කැඳවා තිබූ අතර,කැරලි මර්දන ඒකකයද කැඳවා තිබිණි.
ඡායාරූප ඉසුරු පෙරේරා
popular news
කොස්තාපල් අත්අඩංගුවට ගන්න නියෝග කළේ අධිකරණයයි
නුවරඑළිය එළවළු පහතරට වැවීමෙන් නුවරඑළිය ගොවීන් ගැටලුවක
කහකෝනා මල් පිපිලා වතුකරයම සිරියාවයි
ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මාරු කරයි
මොරගහකන්දෙන් දෙවැනි දිනටත් දහසකට ආසන්න ජිව පතොරම් හමුවෙයි
මාලිමාවට ඡන්දය දුන් ඇතැම් පිරිස් රජයෙන් ඈත් වෙලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd