ශ්‍රී ලංකාවේ ප්‍රථම වැව සිඳී යයි
ශ්‍රී ලංකාවේ ප්‍රථම වැව ලෙස සැලකෙන අභය වැව හෙවත් බසවක්කුලම වැව මේ දිනවල පවතින වියළි කාලගුණය තත්ත්වය හේතුවෙන් සම්පූර්ණයෙන් සිඳී ගොස් තිබේ.
අනුරාධපුර පූජා භූමිය මධ්‍යයේ ස්වර්ණමාලි සෑ රදුන් හා ශ්‍රී මහා බෝ සමිඳුන් පෙනෙන මානයේ මහමෙවුනා උයන අසල ඉදිකර ඇති බසවක්කුලම වැවේ ජලය ස්නානය කර බැතිමතුන් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ඇතුළු අටමස්ථානය වැඳ පුදා ගැනීමට අතීතයේ සිට පුරුදුව සිටි බව ජනප්රවාදයේ සඳහන් වේ.
අනුරාධපුර - බී.ජී.චතුරංග




popular news
- 
                            
Champa Tuesday, 25 September 2018 05:00 PM
ෂූ... දෙයියොනේ බසවක්කුලමත් හිඳුනා? පව් සත්තුන්ට වතුර නැතුව හුඟක් අමාරු වෙයි. පාලකයෝ නරුම වුනහම, ආගමානුකූලව ජීවත් නොවුනහම, සම්බුද්ධ සාසනය විනාශ කරන්න හදන කොට, මිනිස්සුන්ව එල්ලන්න හදන කොට, සත්තු මරන්න විතරක් නෙමෙයි මරපු සත්තු ප්‍රවාහනය කරන්නත් ලයිසන් දෙන්න හදනකොට, එහෙම නැත්නම් ඉවසගන්න බැරි බඩගින්නට කෑම ටිකක් හොයාගෙන හේන් වලට එන, ගම් මැද්දට එන අහිංසක සත්තු මරන්න වායු රයිෆල් දෙන්න හදන කොට, ස්වභාව ධර්මයත් එරෙහි වෙනවා. අන්තිමට දුක් විඳින්නේ අහිංසක මිනිස්සුයි අහිංසක සත්තුයි.
Reply : 14 1
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                