විදුලි ඇමති බිලියන 17 ක ණයක් ගැනීමට යනවා
ලංකා විදුලි සමාගම සතු දේපළ පෙන්වා විෂය භාර අමාත්‍යවරයා රුපියල් බිලියන 17 ක ණය මුදලක් ලබා ගැනීමට යන බව එම ආයතනයේ සේවකයින් සඳහන් කරති.
රුපියල් බිලියන 16 ක වත්කම් ඇති ආයතනයට මෙවැනි ණයක් දරා ගැනීමට නොහැකි බවත් ලබා ගන්නා ණය මුදල වෝල්ට් එක් ලක්ෂ තිස් තුන් දහසක විදුලි ව්‍යාපෘතියකට යෙදවීමට සැලසුම් කර තිබෙන බවද ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සඳහන් කරයි.
එහෙත් ලංකා විදුලි ආයතනය කටයුතු කරන්නේ වෝල්ට් 11,000 ව්‍යාපෘති බවත් මේ නිසා රජයට අයත් ලංකා විදුලි ආයතනය බංකොලොත් භාවයට පත්වන බවද එම සංගමයේ සභාපති කිංස්ලි කරුණාරත්න මහතා සඳහන් කළේය.
මෙම ක්‍රියාව හා එම ආයතනයේ දූෂිතයින්ට වංචා කරුවන්ට දඩුවම් ලබාදෙන ලෙස ඉල්ලා අද (01 දා) එම ආයතනය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත විය.
ඡායාරූප - ඒශාන් ප්රනාන්නදු





popular news
-
Kumar Thursday, 01 August 2019 09:38 PM
නය ගන්න කොට ආපසු ගෙවන ක්‍රමයකුත් ත්බෙන්න එපාය. සියට 10 යේ පොලියට ගත්තොත් සියට 12 ක් වත් ලාබලබන්න ඕනෙ. එසේ නැතිව ගෙවන්න කොහොමද. මහජන දේපොළ වලට උකසට තබන්නේ කොහොමද. එස් කිරීමට ලංකාවේ නීති තිබෙනවද. ඇමෙරිකාවෙත් මහජන දේපොළ උකසට තියල මාස් පතා වසර 30 කින් ගෙවෙන්න සම ගෙවීම් කරනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

