රුපියල් 20 නව සමරු කාසිය ජනපතිට පිළිගන්වයි
ශ්රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20 නව සමරු කාසිය ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් විසින් අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිළිගන්වනු ලැබිණ.
කාසිය පැති 7ක් සහිත හැඩයකින් යුතුව ඇලුමීනියම් සහ ලෝකඩවලින් නිමවා තිබේ. කාසි 3,000ක සීමිත නිකුතුවක් වන මෙය සංසරණය සඳහා භාවිත නොකෙරේ.
මහ බැංකු මූලස්ථානය සහ දිස්ත්රික් ශාඛා විසින් රුපියල් 1300ක මුදලකට කාසිය අළෙවි කිරීමට නියමිතය.



popular news
-
Chamalshi Thursday, 31 December 2020 08:55 PM
I like science like children help
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

