යුද හමුදාව විල්පත්තුවේ පැල සිටවයි
විල්පත්තුව, මරිච්චකඩ්ඩු ප්‍රදේශයේදි ‘තුරුලිය වෙනුවෙන් අපි’ රුක් රෝපණ ව්‍යාපෘතියේ දෙවන අධියර යටතේ පැළ 10,000 කට අධික ප්‍රමාණයක් රෝපණය කිරීමේ වැඩසටහනක් දියත් කිරිමට ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කර තිබේ.
‘මනූසත් දෙරණ’ වැඩසටහන සහ සිලෝන් බිස්කට් සමාගම සමඟ එක්ව යුද හමුදාව මෙම වැඩසටහන දියත් කර තිබේ.
මරිච්චකඩ්ඩි 46 වන කිලෝමීටර් කණුව අසළදී ඊයේ (18) දින පැවැති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.
ජාතික රණවිරු සැමරුම් දිනයට සමගාමීව පාලසෝතිකන්ඩාල්, කරාඩික්කූලී සහ ශ්‍රීනාත් නගර් යන ප්‍රදේශයන්හි රුක් රෝපණ වැඩසටහන් දියත් කරන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දෙරණ මාධ්‍ය ජාලයේ සහයෝගය ඇතිව කඩවත සිට මාතර දක්වා දිවෙන කිලෝමීටර 154 ක දිගින් යුතු දක්ෂිණ අධිවේගි මාර්ගය දෙපස පැළ රෝපණය කරමින් ‘තුරුලිය වෙනුවෙන් අපි’ ව්‍යාපෘතියේ පළමු අධියර 2018 අගෝස්තු මස 23 වන දින ක්‍රියාවට නංවන ලදී.




popular news
-
ase Sunday, 19 May 2019 11:54 AM
අපේ හමුදාවට සදාතනික තුති .
Reply : 0 9
ranjith Monday, 20 May 2019 06:38 AM
සියළුව වනාන්තර ආරක්ෂක හමුදා වලට බර දෙන්න නොඑසේ නම් දේසපාලන අන්තවාදීන් මේ කෙළේ විනාස කරනවා විල්පත්තු විනාස කරනවා මිනිස්සු පදිංචි කරන්න කියල බොරුවට දේවල් විතරි එහෙ තියෙන්නේ චන්දෙ දන්නා විතරි මිනිස්සු එන්නේ මේ අපරාද දිගටම කරගෙන යන්න දෙන්න එපා අද මේ රටේ මොනතරම් උණුසුම වෙදිවෙලද
Reply : 1 16
Champa Tuesday, 21 May 2019 10:11 AM
පැල 6000ක් හිටෙව්වා කියල ඇහෙන කොටත් ඇඟට සනීපයක් දැනෙනවා. වඩා වැදගත්ම දේ පැල ටික රැක බලා ගැනීම. අපේ හමුදා නායකයෝ ගස් වැල්වලට ආදරේ කරන එකට මම හරි කැමතියි. නාවුක හමුදාවෙනුත් කඩොලාන හිටවනවා දැක්ක ගිය අවුරුද්දේ. චීනය 60,000ක් හමුදාව යොදවල තිබුන ගිය අවුරුද්දේ හෙක්ටයාර් මිලියන් 6.66ක වනාන්තරයක් අලුතෙන් හදන්න. මට මතක නැහැ කොච්චර කාලයක් යනවද කියල ඒකට. අපිට මේ ස්වභාවිකව ලැබිල තියෙන වනාන්තර හිතුමතේ එලි කරන එක නවත්ත ගන්න බැහැ. කොච්චර නැහැ කිව්වත් විල්පත්තුවේ ගස් කපල තියෙනව. මම කියන්න ගියේ සිංහරාජ වනාන්තරෙත් ඔය විදිහටම කරන්න බැරිද? පහුගිය කාලේ පත්තර වල තිබුන තවත් රක්ෂිත වන්නන්තර විනාශ කරලා තියෙන හැටි. හැම තැනම කැලා කපනවා හොරු. වැසි වනාන්තර විනාශ කරනවා. හමුදාව ඉන්නවා නම් ඒවා නිකම්ම නතර වෙනවා. ශ්‍රී ලංකා යුධ හමුදාව මේ පටන් ගත්ත "තුරුලතා වෙනුවෙන් අපි" වැඩ සටහන දිගටම සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. මිනිස්සු හුගක් කැමතියි විල්පත්තුවට හමුදාව ආපු එකට. මිනිස්සු අසරණ වෙලා හිටියේ විල්පත්තුව ගැන කරගන්න දෙයක් නැතුව. තව එකක් කියන්න ඕනේ. මේකට දේශපාලකයෝ ගෙනාවේ නැති එකට ස්තූතියි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

