ගුරු විදුහල්පති ලෙඩ නිවාඩුවෙන් පාසල් කටයුුතු අඬාලයි
ගුරු විදුහල්පති ගැටලු විසඳාගැනීමට ඉතිහාසයේ ප්‍රථම වතාවට වෘත්තීය සමිති තිහක් එක්ව අද (13දා) දින ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් පාසල් රාශියක පාසල් කටයුතු අඬාල වී තිබේ.
පවතින ගුරු විදුහල්පති වැටුප් විෂමතා සහ උසස් වීම් ගැටලු විසඳීම, පාසල් නඩත්තුවට දෙමවුපියන්ගෙන් මුදල් එකතු කිරීම නවතා දැමීම, දරුවන්ගේ විනය ආරක්ෂා කරන ගුරුවරුන් ආරක්ෂා කිරීමට වැඩපිළිවෙළක් සකස් කිරීම ඇතුළු තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් මෙම වැඩවර්ජනය සිදුකරන බවද එම සංගම් නියෝජිතයෝ සඳහන් කරති.
සියලුම ගුරුවිදුහල්පතිවරුන් අද (13දා) අසනීප නිවාඩු වාර්තා කරන බවත්, මීට අමතරව ගුරු විදුහල්පතිවරුන්ගෙන් පිරිසක් කොළඹට පැමිණ විරෝධතා ව්‍යාපාරයක්ද පවත්වන බවත් ලංකා ගුරු සංගමය පවසා සිටියි.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට ගුරු විදුහල්පති සංගම් තිහකට අධික ප්‍රමාණයක් එක්ව සිටින බවද ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය සඳහන් කළේය.
එසේම නුගේගොඩ ගුවන් පාලම අසල ඇතුළුව ස්ථාන 20ක උද්ඝෝෂණ පැවැත්වීමටත් වෘත්තීය සමිති කටයුතු කරන බවද එම සංගමයේ නියෝජිතයෝ සඳහන් කළහ.
පවතින ගැටලු විසඳාගැනීම සඳහා බලධාරීන් සමග සිදුකළ සාකච්ඡා සියල්ලම අසාර්ථක වූ බවත්, මේ නිසා වැඩවර්ජනයකට යෑමට සිදුවූ බවත් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසා සිටියේය.
අද දිනයේදී පාසල් දරුවන්ට සිදුවන දුෂ්කරතාවල වගකීම ආණ්ඩුව විසින් භාරගත යුතු බවත්, මෙම ක්‍රියාමාර්ගයට නිසිලෙස ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේදී අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
අධ්‍යාපන ක්ෂේත්‍ර‘යේ ගැටලු විසඳීමට නම් අයවැය තුළින් 06%ක ප්‍රමාණයක් අධ්‍යාපනයට වෙන්විය යුතු බවත්, එහෙත් දැන් සිදුකරමින් තිබෙන්නේ අධ්‍යාපනයට සුළු මුදලක් වෙන්කර පාසල් නඩත්තුවට දෙමවුපියන්ගෙන් මුදල් එකතු කර ගැනීම බවත් හෙතෙම පවසා සිටියේය.
වසර ගණනාවක් තිස්සේ ගුරුවිදුහල්පතිවරුන්ට ඇතිවී තිබෙන ගැටලු විසඳීමට කටයුතු නොකිරීම නිසා ගුරුවිදුහල්පතිවරන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවද ශ්‍රීලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති මොහාන් වීරසිංහ මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් මේ හේතුවෙන් සිසුහුන් හට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුවු අතර ඇතැම් පාසල් වල සිසුන් විසින්ම තම ඉගැන්විම් කටයුතු සිදු කර ගන්නා අකාරයද දක්නට ලැබුණි.
ගුරුවරුන් විසින් විදුලි පුවත් මගින් අසනිප නිවාඩු දමා අද දින සේවයෙන් නිවාඩු ගෙන තිබේ.










popular news
-
Demuni de silva Wednesday, 13 March 2019 03:13 PM
If they are on sick leave they should go to doctors for medication; නොට් Going for a rally. What is the message they give to the children and parents?
Reply : 0 0
chandana Wednesday, 13 March 2019 03:47 PM
දක්ෂ සිසුන් විසින් අන් යට පාඩම් කියාදීම ඉතාමත් අගනේය , ගුරු හොරුන්ටත් තමාව ලොකුවී උගැන්වීමට වැඩ මෙය සේවක ලේසි කලින් සලකන ලද්දේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

