ඉගිනිමිටිය ජලාශයේ වාන් දොරටු සියල්ලම විවෘත කරයි
ඉගිනිමිටිය ජලාශයේ වාන් දොරටු හයම අද (2දා) උදෑසන වන විට විවෘත කළ බව ඉගිනිමිටිය ප්රාදේශීය වාරි මාර්ග ඉංජීනේරු එච්.එල් .සී. පුෂ්පකුමාර මහතා පවසයි.
2016 මැයි මාසයේ වාන් දොරටු විවෘත කිරීමෙන් පසුව වසර තුනකට පසු මෙවර ජල මට්ටම ඉහළ යාමත් සමග වාන් දොරටු විවෘත කිරීම සිදුවු බවද කියයි.
මේ වන විට පවතින අධික වර්ෂා තත්වය හේතුවෙන් ඉගිනිමිටිය ජලාශයට ඉහළින් පිහිටි අඹකොළ වැව ජලාශය වාන් දැමීමත් සමග ඉගිනිමිටිය ජලාශයේ ජල මට්ටම පවත්වාගෙන යාමේ අරමුණින් වාන් දොරටු හයම විවෘත කිරීමට කටයුතු කළ බව ප්රාදේශීය ඉංජීනේරුවරයා පවසයි.
ඉගිනිමිටිය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග දොරටු දෙකක් අඩි දෙක බැගින්ද අනෙක් දොරටු හතර අඩිය බැගින්ද තත්පරයට ඝණ අඩි 4000 කට ආසන්න ජල කදක් මී ඔය දිගේ පහළ නිම්නයට ගලා යාම සිදුවන බවත් ඒ හේතුවෙන් මී ඔය දෙපස පදිංචිකරුවන් දැඩි අවධානමෙන් පසුවන ලෙසට වාරි මාර්ග ඉංජීනේරුවරුවෝ පවසති.
පුත්තලම හිරාන් ප්රියංකර




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

