ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය කොටගල කම්කරු කොංග්රස් මූලස්ථානයට
හදිසියේ අභාප්‍රාප්ත වූ ලංකා කම්කරු කොංග්රස් නායක හා අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද (30) පෙරවරුවේ වැවන්ඩන් නිවස වෙත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පැමිණියේය.
අද පෙරවරුවේ දේහයට හින්දු චාරිත්‍රාණුකුලව ආගමික වත්වත් සිදු කිරීමෙන් අනතුරුව දේහය රැගත් විශේෂ රිය සීමිත පරිවාර වාහන ප්‍රමාණයකින් සමන්විතව කොත්මලේ, වැවන්ඩන් නිවසින් පිටත්වී නුවරඑළිය, නානුඔය, තලවාකැලේ යන නගර හරහා කොටගල ලංකා කම්කරු කොංග්රස් මූලස්ථානය වෙත රැගෙන යාම පෙරවරු 10.30 ට ආරම්භ කෙරිණි.
පවතින කොරෝනා නීති රීති වලට යටත්ව කිසිදු ස්ථානයක දේහය රැගත් රිය නතර නොකර ගමන් කිරීමට අවමංගල්‍ය කමිටුව තීරණය කර තිබුණි.
හැටන් රංජිත් රාජපක්ෂ/ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක/චන්දන ජයවීර







popular news
-
69 lakshen ekek Saturday, 30 May 2020 03:43 PM
Wathukarare laksha 4.5ka chanda nisa Thondamande maranaya ha adahanayedi rate nithiya vihiluwak bawata path kala wada bari naluwanta rawatuna 69lakshe ta upaharaya
Reply : 0 1
Bandula Tuesday, 02 June 2020 02:55 AM
තොන්ඩමන්ගේ ආදාහනය සමග අවසන් ගමන් ගිය 69 ලක්ෂයක් වූ අපෙගේ සිහින. සැමට එළිකළ මදය වලින් පුම්බන ලද බෝල් පිළිම වල සබැ නොහැකියාව.
Reply : 0 0
dayan Tuesday, 02 June 2020 07:54 AM
හිතා බලන්න. එක අසධිතයෙක් හිටියනම් කඳුකරයම ඉවරය්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

