අනුරපුරට විශාල බැතිමතුන් පිරිසක්
දඹදිව රජකම් කළ ධර්මාශෝක අධිරාජ්‍යාගේ දෙටු පුත් අනුබුදු මිහිදු මහා රහතන්වහන්සේ ප්රමුඛ ධර්ම දුත පිරිස මිහිත්තලය පුද බිමේ මිස්සක පව්වට වැඩම කර දඩයමේ යමින් සිටි දේවානම්පියතිස්ස රජතුමා පිරිවර අයුධ බිම තබා තිසරණ සහිත පංචශිලයේ පිහිටුවා ධර්ම දේශණා කොට සම්බුද්ධශාෂණය ප්‍රතිස්ථාපනය කිරිම සිහිපත් කෙරෙන 2327 වෙනි ඓතිහාසික පොසොන් පොහොය දිනය අද (16දා) දිනට යෙදී තිබුණී.
අනුරාධපුර, මිහින්තලය හා තන්තිරිමලේ ඇතුළු වන්දනිය පූජනීය ස්ථානයන් වැදපුදා ගැනීම සදහා දිවයිනේ නන්දෙසින් පැමිණි සැදහැවතුන් ලක්ෂ ගණනක් පුණ්‍ය භූමියන්හි පැවති ආගමික වතාවත්වලට එක්ව සිටියහ.
“මෙත් දියෙන් සිත් නිවමු“ යන තේමාව මුල් කර ගනිමින් මෙවර පොසොන් උත්සවය අනුරාධපුර අටමස්ථානය, මිහින්තලය සහ තන්තිරිමලය යන පූජා භූමී කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර අනුරාධපුර මහමෙවුනා උයනේ ජයශ්‍රී මහ බෝධින්වහන්සේ ඇතුළු අමටස්ථාන පුණ්‍ය භූමියේ සහ සෙසු බෞද්ධ සිද්ධස්ථානයන්හි සුදු වතින් සැරසුනු උවැසි උවසියන් ලක්ෂ ගණනක් අළුයම සිට පෙහෙවස් සමාදන්වී සිටියහ.
මෙවර පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පිහිටි මහාවිහාරයේ පැවැත්වු විශේෂ පෙහෙවස් සමාදන්වීමේ වැඩසටහන මෙහෙයවනු ලැබුවේ අටමස්ථානාධිපති ආචාර්ය පුජ්‍ය පල්ලේගම සිරි නිවාස නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදිය.
ස්වර්ණමාලී සෑරදුන් අභියස පැවති පෝදා වැඩසටහන් මෙහෙයවුනු ලැබුවේ ස්වර්ණමාලි චෛත්‍යරාමාධිකාරි පුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන්ය. සෙසු සියළුම බෞද්ධ වෙහෙර විහාරස්ථානයන් ආගමික වතාවත් සිදුකෙරුණේ එම විහාරස්ථානවල නායක ස්වාමින්වහන්සේලාගේ අනුශාසනාව පරිදිය.
අනුරාධපුර-බි.ජි චතුරංග




popular news
-
Champa Monday, 17 June 2019 09:49 AM
වෙසක් එකට වඩා පොසොන් එකට සෙනඟ බය නැතුව එලියට ආවේ මැදවච්චියේ ඉදන් කොලොඹට ආපු යුධ හමුදා පා ගමන නිසා. මටත් ඒ ගැන පස්සේ බලන්න බැරි වුන. අනික මාධ්‍ය ඒ ගැන ප්‍රචාරය දුන්නේ නැහැ. යුධ හමුදාපති ජනප්‍රිය වෙනවට දේශපාලකයෝ බය වුනා. දැන් ඒ ගොල්ලෝ ගිනි පෙනේල්ලටත් බයයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

