Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2019 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2019 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
අනාගතයේදී ලොව වෙනස් කළ හැකි පුද්ගලයන් (නායකයන්) 100 දෙනා (TIME 100 Next: Rising Stars Shaping the Future) පිළිබඳව ඇමෙරිකාවේ සුප්‍රකට ටයිම් (TIME ) සඟරාව පළ කළ වාර්තාවට ශ්‍රී ලංකාවේ සමාජ ක්‍රියාකාරිණියක වන ජයන්ත්මා වික්‍රමනායක නම්ව තිබේ.
ටයිම් සඟරාව විසින් මෙම ලැයිස්තුව නම් කරනු ලැබුවේ පළමු අවස්ථාවටය. ක්‍රීඩාව, ව්‍යාපාරික, සෞන්දර්යය, දේශපාලනය, විද්‍යාව, සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් හරහා අනාගතය වෙනස් කරනු ඇතැයි සැලලෙක පුද්ගලයන් 100ක් මෙම ලැයිස්තුවට ඇතුළත් වෙයි.
මෙම සටහනට වයස් භේදයිකින් තොරව පුද්ගලයන් නම් කර ඇති අතර ළාබාලම පුද්ගලයා අවුරුදු 14ක් වන අතර වයසින් වැඩිම පුද්ගලයාට අවුරුදු 44ක් වෙයි.
ශ්‍රී ලංකාවේ ජයත්මා වික්‍රමනායක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගේ තරුණ කටුයතු පිළිබඳ නියෝජිතවරිය ලෙස කටයුතු කරන්නීය.
“බෙන්තොට හබුරුගල ඉපදිලා-5 වසර ශිෂ්‍යත්වය පාස් වෙලා- විසාකා එකට ගිහින්- කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඉගෙනගෙන - 2015 පාර්ලිමේන්තු සේවා විභාගයෙන් ලංකාවේ පළවෙනියා වෙලා - 2016 පරිපාලන සේවා විභාගයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලංකාවේ සමත් වුණ එකම කෙනා වෙලා- අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ධූතවරියක් විදිහට වැඩ කරන්න- ලෝකේ අනාගතයේ බලවත් වේ යැය් TIME සඟරාව අනාවැකි පළකරන නායකයන් 100 අතරට පත්වෙන්න පුළුවන් වුනේ නිදහස් අධ්‍යාපනය නිසා. බදු ගෙවලා මට උගන්නපු ලංකාවේ හැමෝටම පින්” යැයි ඇයි මේ පිළිබඳව සිය ෆේස් බුක් ගිණුමෙන් ප්‍රකාශ කරයි.
popular news
you may also like
Kapila Thursday, 14 November 2019 09:14 PM
ඔබ ලංකාවේ ජීවත් උනානම් කවදාවත් මේ වගේ තැනක එන්න බැරි වෙනවා. ලංකාවේ උගත්කමට වඩා වැදගත් වෙන්නේ පන්දම සහ කඩේ යාම. පවතින නිලධාරිවාදය නිසා තරුණ නිර්මාණශීලී කෙනෙකුට ඉහලට එන්න දෙන්නේ නෑ. පවතින තත්ත්වය තුල ඔබ විදේශගතව සිට දක්ෂතා පෙන්වන්න. තෙරුවන් සරණයි
Reply : 0 1
bandara Thursday, 14 November 2019 09:17 PM
චතුර සේනාරත්න, සජිත් ප්‍රේමදාස වැනි නායකයින් ලෝකයේ අංක එක වෙන්න ලඟයි. මෙයා කවුද?
Reply : 0 0
K.M.Neil Nanadasiri Monday, 18 November 2019 10:32 AM
අප අතරේ ඉර්සියකාරයෝ බොහොම ඉන්නවා එනිසා පරිස්සම් වෙනවනම් හොද බව දනගන්න ඔයාට තෙරුවන් සරණයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd