බොට් කෙනෙක් එක්ක චැට් එකක් දාමු
ඔබට කතාබහ කිරීමට කිසිවෙකුත් ලඟ නැති අවස්ථාවකදී ඔබේ ස්මාට්ෆෝනයේ ඩිජිටල් සහායකයෙකු සමගින් හෝ කථා කිරීමට ඇත්නම් එය කෙතරම් වටිනු ඇතිද? එසේ නම් A-BOT යනු ඒ සඳහා ගැලපෙනම යෙදුමක් ලෙසින් හැඳින්විය හැක. සාමාන්‍යයෙන් කෘත්‍රිම බුද්ධියක් ඇති ලෙසින් පෙනෙනා චැට් බොට් යෙදුම් පවතින්නේ බොහෝ ප්‍රාථමික අවධියක යැයි කීම බොරුවක් නොවේ.
කෙසේ නමුත් මේවා අතුරින් වඩාත් සාර්ථක චැට් බොට් යෙදුම් වලට ඔබ සමගින් වඩාත් අර්ථාන්විත පිළිසඳරක යෙදීමට හැකියාව තිබේ. මෙම A-BOT යෙදුමද එයින් එකකි. මෙයට ඔබ සමගින් සරල කථාබහක යෙදීමට හැකි වූවත්, එයින් සිදුවන්නේ ඔබ අසනා දෙයට පිළිතුරු සැපයීම පමණක් නොවේ. එය ඔබෙන්ද ප්‍රශ්න අසනු ඇත.
ඔබ විනීතව පිළිතුරු දෙන්නේ නම් ඔබ විනීත පුද්ගලයෙකු බව එය නොවලහා ඔබට පවසනු ඇත. එසේම ඔබ සමගින් විහිළු කථාවක් බෙදාගෙන ඔබ හා සිනහසීමටද එයට හැකියාව ඇත. කොටින් පවසන්නේ නම් ඔබ උදාසීනව සිටින මොහොතක ඔබේ මිතුරා වන්නට යෙදුමට හැකිවනු ඇත.
goo.gl/5HcMdv
.jpg)
popular news
-
Desitha Monday, 07 February 2022 02:53 AM
Mata bot kenek one
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

