මාලිංගට දුන්න තරග 12ම පැරදුණා - අසන්ත ද මෙල්
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු එක්දින නායක ලසිත් මාලිංගට ලබාදුන් තරග 12ම ඔහු පරාජයට පත්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී අසන්ත ද මෙල් මහතා සඳහන් කළේය.
අද කොළඹ ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය. තමන් හා මාලිංග ලෝක කුසලානයේ නායකත්වය ගැන කථා කළ බවත් ඒ අනුව කණ්ඩායම නම් කිරීමෙන් පසුව තමන්ගේ මතය ප්‍රකාශ කරන බවට මාලිංග පැවැසූ බවත් තේරීම් කමිටු සභාපතිවරයා සඳහන් කළේය.
ලසිත් මාලිංගගේ නායකත්වයේ ගැටලුවක් නොමැති බවත් ඔහු නායකයා ලෙස දක්ෂතා දක්වා ඉදිරියෙන් සිටියත් කණ්ඩායමේ එකමුතුවක් නොමැති බවද සභාපතිවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් කණ්ඩායම දිමුත් කරුණාරත්න සමග එකට සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.
තරග 12ක් පරාජය වීම ගැන ලසිත්ටත් හේතු තිබූ නමුත් පරාජයේ වගකීම ඔහුත් භාර ගත යුතු බව තේරීම් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

popular news
-
Champa Friday, 19 April 2019 05:58 AM
ලසිත් මාලිංග තරඟ 12ක් පැරදුන කියන්නේ කොහොමද? පැරදුනේ මුළු ක්‍රිකට් කණ්ඩායම. අනිත් එක කණ්ඩායම පැරද්දුවේ ඕනේ කමින්. දැන් මෙතන සිද්ධ වෙන දේ බැලුවොත්, හරීන් fernando , දිමුත් කරුණාරත්න, තිසර පෙරේරා, ඇන්ග්ලෝ මැතිව්ස් ඔක්කොම St. Joseph එකේ ආදී ශිෂ්‍යයෝ. ඉතුරු ටික කියන්න වැඩක් නැහැ.
Reply : 0 0
meranchi Friday, 19 April 2019 07:53 AM
මාලිංග තනියෙන් දිනන්න ප්ලුවන්නම් ඉට ඉස මෙරිචුල් ඔබ අනක්ක් ච්රීඩ්ස්කයන් ගනබලුවේ නෙහ නුන් ෆෙර්ෆොර්මෙන්චේ ච්රීදකයන් ට ගත්ත අච්ච්ටිඔන් එක මොකද්ද ස්ය්ම්ප්ල්ය් ඩෝන්ට් බ්ලමේ ටො මාලිංග ,,,,
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

