මාලිංගගෙන් ලෝක වාර්තා කිහිපයක්
ජාත්‍යන්තර විස්සයි20 පිටියේ පිට පිටම පන්දු හතරකදී කඩුලු 4ක් දවාගත් ලෝකයේ දෙවැනි පන්දු යවන්නා බවට ශ්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග වාර්තා අතරට එක්විය.
ඒ නවසීලන්තය හා පැවැත්වෙන තෙවැනි විස්සයි20 තරගයේදී තෙවැනි පන්දුවාරය යොමුකළ ලසිත් මාලිංග පිළිවෙළින් කොලින් මුන්රෝ, හමීෂ් රදර්ෆෝඩ්, කොලින් ඩි ග්‍රෑන්ඩ් හෝම් හා රොස් ටේලර් දවාගනිමින් මාලිංග මෙම දක්ෂතාව දැක්වීය.
මුන්රෝ දවාගැනීමත් සමග මාලිංග විස්සයි20 කඩුලු 100 සම්පූර්ණ කළ අතර ලෝකයේ එවැනි දක්ෂතාවත් දැක්වූ පළමු පන්දු යවන්නා බවටද මාලිංග ලෝක වාර්තාවක් පිහිටවීය.
එසේම විස්සයි20 පිටියේදී මාලිංග ලබාගත් දෙවැනි කඩුලු ත්‍රිත්වය මෙය වන අතර ඒ අනුව එවැනි දක්ෂතාවක් දැක්වූ ලෝකයේ එකම පන්දු යවන්නාද මාලිංග වෙයි.
මාලිංග මීට පෙර එක්දින පිටියේදී පිට පිටම පන්දු හතරකදී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් හතරක් දවාගනිමින් ලෝක වාර්තාවක් පිහිටවීය.
ඒ අනුව විස්සයි20 පිටියේදී හා පන්දුවාර 50 තරගවලදී එවැනි දක්ෂතාවක් දැක්වූ ලෝකයේ එකම හා පළමු පන්දු යවන්නා වන්නේද මාලිංගයි.

popular news
-
Champa Saturday, 07 September 2019 12:02 PM
මගේ උණුසුම් සුභ පැතුම් මාලිංගට. කණඩායමේ අනිත් සාමාජිකයෝ උවමනාවෙන් උඩ පන්දු ඇත ඇරියේ නැත්නම් කඩුලු 100 වාර්තාව මාලිංග තියන්න තිබ්බේ ලෝක කුසලාන තරඟාවලියේදී. ලෝක කුසලනේදී අපේ කණ්ඩායම එංගලන්තේ පැරද්දුවේ බුකි කාරයන්ට හොඳට හම්බ කරන්න පුළුවන් වෙන්න. නවසීලන්තේ එක්ක කලින් තරඟ දෙකේදීත් කලේ මාලිංග නායකයා හින්ද සංවිධානාත්මකව කණ්ඩායම පැරද්දවීමක්. මේ තරඟයේදීත් මාලිංග හොඳට ඔප්පු කළා ප්‍රශ්නේ තියෙන්නේ මාලිංගගේ නායකත්වයෙවත් හැකියාවෙවත් නෙමෙයි, කණ්ඩායමේ අනිත් සාමාජිකයන්ගේ යටි කූට්ටු වැඩ වල කියල. අනාගතේ මාලිංගට රට වෙනුවෙන් ලොකු මෙහෙවරක් කරන්න තියෙනවා.
Reply : 0 12
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

