ධනංජය අර්ධ ශතකය වාර්තා කරද්දී තරගයට වර්ෂාවෙන් බාධා
සංචාරක ශ්රී ලංකාව හා පාකිස්ථානය අතර පාකිස්ථානයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී ධනංජයද සිල්වා සිය ටෙස්ට් දිවියේ 6 වැනි අර්ධ ශතකය වාර්තා කලේය. පන්දු 94 කදී ඔහු මෙය වාර්තා කලේය. කෙසේ වෙතත් මේ වන විට තරගයට වර්ෂාවෙන් බාධා වී ඇත.


ඡායාරූප- ඕෂිත වරකපිටිය
සංචාරක පාකිස්ථානය සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී සිය 24 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තාකිරීමට ශ්රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත්විය. පන්දු 90 කදී හතරේ පහර 8 ක් සමගින් ඔහු සිය අර්ධ ශතකය වාර්තා කලේය. ශ්රී ලංකා කණ්ඩායම ඒ අනුව මේ වන විට දිවා ආහාරයට නතර කරන විට පන්දුවාර 26කදී කිිසවෙකු නොදැවී ලකුනු 89 ක් වාර්තා කරගෙන සිටියි.
සත්කාරක පාකිස්තානය සමගින් රාවල්පිණ්ඩි හිදි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීම තෝරා ගත්තේය. දිනේෂ් චන්දිමාල් මාස 10 කට පසු ටෙස්ට් කණ්ඩායමට එක්වී ඇත. පාකිස්ථානය වෙනුවෙන් ආබිඩ් අලි හා උස්මාන් ෂින්වාරි ටෙස්ට් වරම් දිනා ගත්තේය.
ශ්රී ලංකා කණ්ඩායම
දිමුත් කරුණාරත්න (නායක), ඕෂධ ප්රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, ධනංජයද සිල්වා, දිල්රුවන් පෙරේරා, විශ්ව ප්රනාන්දු, කසුන් රාජිත, ළහිරු කුමාර,
අතිරේක
ලක්ෂාන් සඳකැන්, ලසිත් ඇඹුල්දෙණිය, ළහිරු තිරිමාන්න, කුසල් ජනිත් පෙරේරා
පාකිස්ථාන කණ්ඩායම
ෂාන් මසූඩ්, අබිඩ් අලි, අසර් අලි, බාබර් අසාම්, අසාඩ් ෂෆීක්, හැරිස් සොහෙල්, මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් අබ්බාස්, ෂාහින් ෂා අෆ්රිඩි, නසීම් ෂා, උස්මාන් ෂින්වාරි
අතිරේක
ඉමාම් උල් හක්, යසීර් ෂා, ෆවාඩ් අලාම්, ඉම්රාන් ඛාන්, කෂීෆ් බාටි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

