කොරෝනා ‘ආදරවන්තයන්ගේ සටන’ටත් හරස් වෙයි
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධානතම පාසල් ක්‍රිකට් ගැටුම (බිග් මැච්) වන ගාල්ල රිච්මන්ඩ් විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර පැවැත්වෙන ‘ආදරවන්තයන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය දින නියමයකින් තොරව කල් දමා තිබේ. ඒ මේ වනවිට කොවිඩ්-19 වෛරසය (කොරෝනා වෛරසය) හේතුවෙන් උද්ගතව ඇති තත්ත්වය සලකා බලමිනි.
උද්ගතවී ඇති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙම තරගය කල් දැමීමට පියවර ගත් බව විදුහල් ද්විත්වයේ විදුහල්පතිවරු ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පැවසූහ.
මෙම තරගයට සමගාමීව වර්ෂයක් පාසා පැවැත්වෙන ආගමික වැඩසටහන්, ශිෂ්‍ය පාපැදි වාරිකාව, සුහද විවාදය, ආදි ශිෂ්‍ය ක්‍රිකට් තරගය සහ සෙසු සියලු වැඩසටහන්ද කල් දැමීමට සිදුව ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.
115 වැනි ‘ආදරවන්තයන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය අප්‍රේල් මස 03 සහ 04 යන දිනවලදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
