ක්‍රීඩා මාධ්‍යවේදීන්ට සනත්ගෙන් පරිත්‍යාගයක්
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා 3m N 95 වර්ගයේ උසස් තත්වයේ මුඛ ආවරණ , Bellose ලංකා පුද්ගලික ආයතනයේ සභාපති චතුර පෙරේරා මහතා කෙයාබෙලී හෑන්ඩ් සැනිටයිසර් සහ H H Co ආයතනයේ චින්තක සංජීව මහතා මුහුණු ආවරණ සහිත හෙල්මට් ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමය සාමාජිකයන්ට බෙදාදීම සඳහා අද දින ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයට ලබා දුන්නේය.
ශ්‍රී ලංකා වෘත්තිය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති කේ රාම් , ලේකම් චතුක දිවාෂණ ඇතුළු විධායක කමිටු සාමාජිකයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය. මෙම අනුග්‍රහයක් ලබා ගැනීම සඳහා ඡායාරූප ශිල්පීන් වන ඉෂාර කොඩිකාර, නිෂාන් එස්. ප්‍රියන්ත හා සජීව චින්තක මහත්වරුන් විසින් සහයෝගය ලබාදී තිබේ.
මෙහිදී අදහස් දැක්වූ සනත් ජයසූරිය මහතා ප්‍රකාශ කළේ සනත් ජයසූරිය නැමැති ක්‍රීඩකයා ජාතික හා ජාත්‍යන්තර මට්ටම දක්වා ගෙන ඒමට ශ්‍රී ලාංකීය මාධ්‍යවේදීන් දැක්වූ සහයෝගය හා දායකත්වයට ඇගයීමක් හා කෘතගුණ සැලකීමක් ලෙස මෙම කටයුත්තට තමන් දායක වූ බවයි.

popular news
-
Devinda Uduwara Tuesday, 05 May 2020 12:42 AM
It's a meritorious act and thankful to Sanath et al.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

