ක්‍රිකට් පුහුණුකරුවන් පිළිබඳ අවසන් තීරණය අද
ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන් ඉවත් කිරීම පිළිබඳ ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශ සම්බන්ධයෙන් අවසන් තීරණයක් අද පැවැත්වෙන විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව ගැනීමට නියමිත බව ක්‍රිකට් ලේකම් මොහාන්ද සිල්වා මහතා පැවැසීය.
ඊයේ (22දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මේ දක්වාම තමන්ට කිසිවක් දන්වා නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවැසීය.
"අපිට ක්‍රීඩා අමාත්‍යතුමා ලිඛිතව ඒ බව (පුහුණුකරුවන් ඉවත් කිරීම) දන්වා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නීතිය අනුව ඇමතිතුමාට නිර්දේශ දෙන්න බලය තිබෙනවා. නිර්දේශයක් ලැබුණු විට අපි ඒ අනුව අනිවාර්යයෙන්ම ක්‍රියා කළ යුතුයි.
නමුත් අපි දන්නවා ඒක ඉතාම තියුණු ප්‍රශ්නයක්. අපි වෘත්තිකයෝත් එක්ක ගනුදෙනු කරන්නේ. මොකද එතුමා (ක්‍රීඩා ඇමතිවරයා) සඳහන් කරන්නේ ප්‍රධාන පුහුණුකරු විතරක් නෙමෙයි පුහුණුකාර මණ්ඩලයමයි. හෙට (අද) අපේ තිබෙනවා විධායක කමිටු රැස්වීමක්. ඒකෙදී අපි ඒක සාකච්ඡා කරලා තීරණයක් ගැනීමටයි බලාපොරොත්තු වෙන්නේ.
අපිට කොන්ත්‍රාත් ගිවිසුම් තිබෙනවා. ඒ නිසා කාගේත් හිත් අමනාප කර ගන්නේ නැතුව මෙය සිදුකළ යුතුයි. මොකද ලංකාවට කෝච්ලා බඳවා ගැනීම හා ඉවත් කිරීම සම්බන්ධව අපකීර්තියක් තිබෙනවා. ඒ නිසා අපි අපේ වගකීම් පිළිබඳ සලකා බලනවා වගේම ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශවලට පිටින් යන්නත් බෑ." යැයි පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                