ඒ තීරණය ගැන මම කවදාවත් කනගාටුවෙන්නේ නෑ - ධර්මසේන
ලෝක කුසලාන තරගාවලියේදී බෙන් ස්ටොක්ස්ගේ පිත්තේ පන්දුව වැදී 4 සීමාව වෙත ගිය ගිය අවස්ථාවේදී ලකුණු 5ක් ලබාදීම වෙනුවට ලකුණු 6ක් ලබාදීමට තමා ගත් තීරණය සම්බන්ධයෙන් කිසිම දවසක කනගාටු නොවන බව අයි.සී.සී. විනිසුරු කුමාර් ධර්මසේන මහතා සඳහන් කරයි.
ලෝක කුසලාන අවසන් මහ තරගයේ තීරණාත්මක අවස්ථාවක් වූ මෙම ලකුණු ලබාදීම සම්බන්ධයෙන් බොහෝ පිරිසකගේ විවේචනයට ලක්ව තිබේ.
කෙසේ වෙතත් තමන් එම තීරණය ගත්තේ පිටියේ අනෙක් අන්තයේ සිටි විනිසුරු හා සාකච්ඡා කර බවත් ඒ සම්බන්ධ හඬපටි ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
සන්ඩේ ටයිම්ස් පුවත්පතට අදහස් දක්වමින් ධර්මසේන සඳහන් කරන්නේ,
“ රූපවාහනී නැවත විකාශනයන් බලලා අදහස් දක්වන්න පහසුයි. ඒක දැන් මම රූපවාහිනයෙන් බලද්දී විනිශ්චයේ වැරැද්දක් තිබෙන බව පේනවා. නමුත් අපිට පිටියේදි එවැනි සුපිරි රූපවාහී නැවත විකාශය කිරීමේ පහසුකම් නෑ. ඒ තීරණය ගැන මම කවදාවත් කනගාටුවෙන්නේ නෑ. ඒ අවස්ථාවේදී මම ගත් තීරණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අගය කළා.”

popular news
-
Demuni de silva Monday, 22 July 2019 06:55 PM
You are right. Further refer Google to see the comments of former ICC CEO Richardson.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

