අයි.සී.සී.ය සිම්බාබ්වේට ක්රිකට් තහනම් කරයි
අයි.සී.සී. ය විසින් වහාම ක්රියාත්මක වන පරිදි සිම්බාබ්වේ ක්රිකට් තාවකාලිකව තහනම් කිරීමට පියවර ගෙන ඇත. එරට ක්රිකට් ක්රීඩාවට සිදුවන දේශපාලන ඇගිලි ගැසීම් හේතුවෙන් මෙම තීරණය ගත් බව අන්තර්ජාතික අයි.සී.සී.ය ප්රකාශ කරයි. ඊයේ (18දා) පැවති එහි කමිටු රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත්තේ සියළුදෙනාගේ කැමැත්තෙන බව වාර්තා වේ. මේ අනුව අදාළ තහනම ක්රියාත්මක වන කාළය තුළදී අයි.සී.සී. ය විසින් සිම්බාබ්වේ ක්රිකට් වෙනුවෙන් ලබා දෙන අරමුදල් නවතා ඇති අතර අයි.සී.සී. ය සංවිධානය කරන කිසිදු තරගයකට සහභාගි වීමට සිම්බාබ්වේට හැකියාවක් නොලැබෙනු ඇත. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර අයි.සී.සීය විසින් දන්වා නොමැත. මීට පෙර පසුගිය මසදී අයි.සී.සී. ය විසින් සිම්බාබ්වේ ක්රිකට් පාලක මණ්ඩලයේ සියළු සාමාජිකයන්ගේ තනතුරු අත්හිටුවීමටද ක්රියා කළහ.

popular news
-
මිගිදා Friday, 19 July 2019 03:17 PM
ලංකාව්ද තහනම් කල යුතුය..ලංකා ක්රිකට් වලට දේශපාලනය රිංගා ඇති අතර එය මෙහෙයවන්නේ බුකි කාරයන්ය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

