රාමාඤ්ඤ නිකායේ නව නාහිමි ලෙස මකුලෑවේ විමල නාහිමියෝ පත්වෙති
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වැඩ බලන මහානායක ධූරයට මීරිගම මිනිඔලූව විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති මකුලෑවේ විමල නාහිමිපානන් තේරී පත්වූ බව එම නිකායේ මහා ලේඛකාධිකාරි අත්තංගනේ සාසනරතන නාහිමියෝ එම නිකායේ විශේෂ කාරක සංඝ සභා රැස්වීමේදී ප්‍රකාශයට පත් කරනු ලැබූහ.
මහානායක පදවිය දැරූ නාපාන පෙමසිරි මහනාහිමියන්ගේ අපවත්වීමෙන් හිස්වූ මහානායක ධුරය සදහා විමල නාහිමියෝ මෙසේ පත්වීම් ලදහ. 72 හැවිරිදි වියේ පසුවන අභිනව මහනාහිමිපාණන් වහන්සේගේ පැවිදි දිවිය වසර 60කි. විමල නාහිමියෝ රාමඤ්ඤ නිකායේ දහහතර වැනි මහනාහිමිපාණන් වනු ඇත. උන්වහන්සේ 2012 සිට වසර අටක් තිස්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක පදවිය දැරූ අතර පසුගියදා සම්මානනීය අනුනායක පදවියට පත්කරනු ලැබ සිටියහ.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ රැස්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ මහා නායක පදවිය සඳහා විමල නා හිමියන් පත් කර ගැනීමේ තීරණය ගැණිනි. ඉදිරියේදී පැවැත්වෙන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක පාලක සභාවේදී මෙම පත්වීම අනුමත කිරීමට නියමිතය.
මීරිගම කාන්ති
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                