ඕස්ට්‍රේලියාවේ බොන්ඩි වෙරළ තීරයේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් එරට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්, රටේ බලවත්ම ස්වාධීන විමර්ශන ආකාරය වන රාජකීය කොමිසමක් ප්‍රකාශයට පත් කර තිබේ.
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු අවපාතය පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read Moreදිත්වා හේතුවෙන් ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන් සඳහා රුපියල් මිලියන 25ක කාරක ප්‍රාග්ධන ණය සහ ආයෝජන යෝජනා ක්‍රමයක් මෙන්ම 5% පොළියට රුපියල් මිලියන 25ක ණය ක්‍රමවේදයක් - මුදල් අමාත්‍යාංශයේ ලේකම්
Read Moreපාර්ලිමේන්තුවේ හෙට (9) විවාදයට ගැනීමට නියමිත (129 අධිකාරිය වූ) සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ ( සේවය හා වේතන විධිමත් කිරීම) පනත යටතේ නියෝගයට කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය.
Read Moreඑවර්ගීන් තේ කර්මාන්ත ශාලා සමූහය පිට පිටම අටවැනි වරටත් ගිය වසර (2025 ) නිමා වෙද්දී ලංකාවේ වැඩිම තේ නිෂපාදනය කොට අලෙවි කළ තේ කර්මාන්ත ශාලා සමූහය බවට පත්ව තිබේ.
Read Moreලක්විජය බලාගාරය වෙත ගෙන්වන ලද ගල්අඟුරු නැව් තොගයක නිසි ගුණාත්මකභාවයක් නොමැති බවට තිබෙන ප්‍රචාරය පිළිබඳ පැහැදිලි කිරීමක් බලශක්ත අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවේදී සිදු කළේය
Read Moreසත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හයකින් පරාජය කරමින් දෙරට අතර පැවැති පළමු විස්සයි20 තරගය ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.
Read Moreවෙනිසියුලාවට සම්බන්ධ දෙවන තෙල් ටැංකියද කැරිබියන් මුහුදේදී තමන් විසින් අල්ලා ගත් බව එක්සත් ජනපද හමුදාව පවසයි. ’’රාජ්‍යයක් නොමැති, අනුමත කරන ලද අඳුරු බලඇණියේ මෝටර් ටැංකියක්’’ වන මෙම නෞකාව අලුයම සිදු කරන ලද මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බව ඇමෙරිකාව තවදුරටත් පවසයි.
Read Moreඒ වගේම ඔවුන් මේ පනත සම්මත වීමට පෙර ලබා ගත්ත විශ්‍රාම වැටුප් වලට අගතියක් වෙන්නේ නෑ. ඒවා නැවත ගෙවන්න ඕනි කියලා එකක් මේ පනතේ නෑ.මේ පනත සම්මත වන දිනයේ සිට වෙන දේ තමයි විශ්‍රාම වැටුප් ගෙවන එක නවත්වන එක. අපි මේක ගේන්න හේතුව තමයි දූෂිත දේශපාලන සංස්කෘතිය විසින් හැමවිටම තමන්ට වරදාන වරප්‍රසාද බෙදා ගන්නා ක්‍රමවේදයක් තිබුණා.
Read Moreඑක්සත් ජනපද සම්බාධක උල්ලංඝනය කිරීම හේතුවෙන් M/V Bella 1 සිය භාරයට ගත් බව එක්සත් ජනපද යුරෝපීය විධානය පවසයි.
Read Moreනාවලපිටිය නගරයේ පිහිටි සුපිරි වෙළදසංකීර්ණයේ බදු මුදල් නොගෙවූ වෙළදසැල් 15ක් මුද්‍රා තබා එම වෙළදසැල් නගර සභාවට පවරා ගැනිමට මධ්‍යම පළාත් ආදායම් පරික්ෂාකවරුන්ගේ සංගමය (07) දින පියවර ගැනින.
Read Moreනුවරඑළිය, ග්‍රෙගරි වැවට ගොඩබැස්සවීමට පැමිණි සිනමන් එයාර් ගුවන් සේවයේ ගුවන් යානය අනතුරට පත් වීම පිළිබද විධිමත් විමර්ශනයක් සිදු කිරීම සදහා මේ වනවිටත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසිනි විමර්ශකයින් පිරිසක් එම ප්‍රදේශයට යවා ඇති බව එම අධිකාරියේ ප්‍රකාශකවරයෙකු පැවසීය.
Read Moreවරෙන්තු 06 ක් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධව අත්අඩංගුවට ගෙන තංගල්ලේ පොලිස් සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවෙකු ඊයේ (07) අළුයම සිරමැදිරියේ දොර විවෘත කරගෙන පලා ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට තංගල්ල මූලස්ථාන පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
Read Moreඅලිකොටආර ජලාශයේ ජල පෝෂක ප්‍රදේශ වලට ඇද හැලෙන මහ වැස්සත් සමඟින් ජලාශයේ ජල මට්ට සීඝ්රයෙන් ඉහළ ගොස් ඇත. එම නිසා අලිකොටආර ජලාශයේ වාන් දොරටු තුනක් අඩිය බැගින් විවෘත කළ බැව් වැල්ලවාය වාරිමාර්ග ඉංජිනේරු චන්දිම සේනාරත්න මහතා පැවසීය.
Read Moreදිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල දිවයින හරහා පැයට කිලෝමීටර් 50-60 දැඩි සුළං තත්ත්වයක් බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි
Read Moreපාස්කු ප්‍රහාරයට සම්බන්ධ සාරා ජස්මින් මිය නොගිය බවටත් ඇය ජීවත්ව සිටින බවටත් යම් යම් තොරතුරු විමර්ශන හරහා හෙළිව ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවැසීය.
Read Moreදිට්වා සුළි කුණාටුව හේතුවෙන් අවතඇන් වූ පිරිස් අතුරින් පවුල් 15,710 කට අයත් පුද්ගලයින් 1,98,405 දෙනෙකු තවමව සුරක්ෂිත මධ්‍යස්ථානවල සහ ඥාති නිවෙස්වල පදිංචිව සිටින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
Read More2025 වර්ෂය තුළ විදේශ රැකියා වංචනික ක්‍රියාවල නිරත වූ පුද්ගලයින් හා බලපත්‍ර රහිත රැකියා නියෝජිතායතනවලට එරෙහිව නඩු පවරා වින්දිතයින්ට රුපියල් ලක්ෂ 3743 කට අධික මුදලක් යළි අයකරදීමට කටයුතු කළ බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
Read Moreමඩකලපුව - වාකරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අම්බන්දනාවේලි - සම්බු කලප්පු ක්ෂේත්‍ර ප්‍රදේශයේ වළ දමා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් වාකරේ විශේෂ කාර්ය බලකාය විසින් අද, 2026.01.06 දින සොයා ගන්නා ලදී.
Read Moreනුවරඑලිය ග්‍රෙගරිවැවේ ගොඩබෑමට ගිය සී ගුවන් යානයක් අනතුරට. ගුවන් නියමුවන් දෙදෙනා රෝහල් ගත කෙරේ.
Read Moreසංචාරක පාකිස්තාන කණ්ඩාම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය අද (7දා) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
Read Moreනයාරු කලපුව ඔස්සේ ජනතාව වෙත ප්‍රවාහන පහසුකම් සැලසීම වෙනුවෙන් නාවික හමුදාව ක්‍රියාත්මක කල මෙහෙයුම සාර්ථකව අවසන් වෙයි
Read Moreහක්මන කෝංගල විජය මාවතේදී ඊයේ (6) රාත්‍රි පිරිසක් විසින් පුද්ගලයෙකුගේ අත් දෙකේ මැණික් කටුවෙන් පහළ කොටස වෙන් වෙන්නට කපා එම කොටස් දෙකද රැගෙන පලා ගොස් ඇතැයි හක්මන පොලිසිය පවසයි. මෙම සිද්ධියෙන් තුවාල ලබා සිටින පුද්ගලයා ප්‍රථමයෙන් කිරින්ද රෝහලට ඇතුලු කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුලු කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවට පැම්ණෙමින් සිටි තායිලන්ත ජාතික බෞද්ධ මහනායක භික්ෂුන් වහන්සේ නමකගේ අත් බෑගයෙහි තිබූ රුපියල් තිස් ලක්ෂ අසූ දහසක් වටිනා ඇමෙරිකානු ඩොලර් 10,000 ක මුදලක් ගුවන් යානය තුළ දී සොරා ගත් චීන ජාතිකයෙකු 01/06 දින සවස බලවත් පරිශ්‍රමයක් දරා කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ සහ එහි සංචාරක පොලීසියේ නිලධාරීන් එක්ව සිදු කළ මෙහෙයුමකින් අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබේ .
Read Moreරටේ භෞතික සංවර්ධනය මෙන්ම සමාජයේ යහ-පැවැත්ම සහ ස්ථාවරභාවයද ඉතා වැදගත් බවත්, ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කරමින් රටේ අනාගත පරපුර මෙම ව්‍යසනයෙන් මුදා ගැනීම සඳහා සියලුදෙනා වගකීම් ඉටු කළ යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
Read Moreකැළණිය රාජමහා විහාරස්ථානයේ දුරුතු මහා පෙරහර අද දිනයේදි වීදි සංචාරය කරන නිසා මාරග කිහිපයක රථ වාහන ගමනය සීමා කිරීමක් සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreදිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ළඟාවනු ඇතැයි අපේක්ෂ කෙරෙන බවයි.
Read Moreශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර ගුවන් ගමන් සේවා ආරම්භ කර වසර 52 ක් 2026 වසර වනවිට සපුරා ඇති සිංගප්පූරු ගුවන් සේවය , 01/06 දින සිට සතියකට දින 03 ක් , දහවල් කාළයේත් තවත් එක් ගුවන් ගමන් වාරයක් ද ආරම්භ කළ බව සිංගප්පූරු ගුවන් සේවයේ කළමනාකාර අධ්යක්ෂ වසන්ත කුඩාලියනගේ මහතා පැවසීය .
Read Moreරෝගියාට ම වෙන් වු බත්,මාළු පිණි වෙන් වෙන් වශයෙන් තැන්පත් කළ විශේෂ පිඟානකින් රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ගුණාත්මක, පෝෂණයෙන් සපිරි ප්‍රනීත ආහාර වේලක් ලබා දීමේ නියමු ව්‍යාපෘතිය අද (06) මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ විය.
Read Moreඑමෙන්ම, පසුගිය මාසයේදී ඉන්ධන මිල සංශෝධනය කළ යුතුව තිබුණත්, රටේ තිබුණු ව්‍යසනකාරී තත්වය නිසා මිල වැඩි වීමක් නොකළ බවත්, විපක්ෂ නායකතුමා අදහස් කරන පරිදි වරායට ගොඩබාන මිලට ඉන්ධන විකිණිය නොහැකි බවත්, ඉන්ධනහල් දක්වා විශාල බෙදා හැරීමේ වියදමක් ඇති අතර එය සැලකිල්ලට ගෙන එහෙත් ජනතාවට සහන වශයෙන් අවම ලාභයක් පමණක් තබාගෙන ඉන්ධන අලෙවිය සිදු කරන බවත් පැවසීය.
Read More