saravita-anim2

2026 සැප්තැම්බර් මස 05 වන සෙනසුරාදා

2026 සැප්තැම්බර් මස 05 වන සෙනසුරාදා

Latest News - timelapse 16 hours ago

LATEST

ප්‍රියංකර පෙරේරා සමුගනියි

calendar_today 2026 සැප් 02 - 06:44 remove_red_eye - 120  

ප්‍රවීණ ගායන සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා වයස අවුරුදු 64ක්ව සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ. කලක් තිස්සේ රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා ඊයේ රාත්‍රියේ මෙලොව හැර ගිය බව පවුලේ ඥාතීන් විසින් තහවුරු කර ඇත.

නේපාලයේ උතුරු ප්‍රදේශයේ රඝුවා දිස්ත්‍රික්කයේ ඇති වූ විනාශකාරී හදිසි ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියනයක මානුෂීය ආධාරයක් නේපාල රජය වෙත පරිත්‍යාග කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ

Read More

ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් QR කේතය තවමත් ක්‍රියාත්මක බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. යම් තැනක එම ක්‍රමවේදය අවභාවිත කරයි නම් ඒ පිළිබඳව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනු ඇති බවද ඔහු පැවැසීය. එසේම ඩීසල් හා භූමිතෙන් මිල අවස්ථාව ලැබුණ පළමු අවස්ථාවේදීම අඩුකරන බවත් ඔහු සඳහන් කළේය.

Read More

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අරමුණ කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජන කිරීමට අපේක්ෂා කරයි නම් රෝගීන්ගේ ගැන සිතා එසේ නොකරන්නැයි ආයාචනයක් කරන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වීමට ඕනෑම පාර්ශ්වයකට අවස්ථාව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

අනුරාධපුරයට ජල බෝතල් රැගෙන ඒමේ අවශ්‍යතාවක් නොමැති බවත් බිය විය යුතු නියං තත්ත්වයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ නෙමැති බවත් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පවසයි.‍

Read More

එල් නිනෝ තත්ත්වය හේතුවෙන් විදුලි හෝ ජල කප්පාදුවක් ගැන තවමත් තීරණයක් ගෙන නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කීය. කෙසේ වෙතත් ජලය සුරක්ෂිත කිරීම වෙනුවෙන් කටයුතු කරන බවත් ජල මූලාශ්‍ර පිරිසිදු කිරීම වෙනුවෙන් කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවැසිය.

Read More

මත්ද්‍රව්‍ය විකුණන පුද්ගලයින්ට සමාවක් ලබා නොදෙන බවත් අගෝස්තු මාසය තුළ පමණක් රස පරීක්ෂක වාර්තා නව දහස් අසු එකක් නිකුත් කර ඇති බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නිතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය.

Read More

සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු කඩිනමින් ආරම්භ කිරීම රජයේ අරමුණ බව කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. අවස්ථා කිහිපයකදී නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට උත්සාහ කළත් එය අසාර්ථක වූ බව අමාත්‍යවරයා පැවැසීය. වැටුප් ගැටලුවලට විස දුම් ලබාදීමට කටුතු කරන බවත් එයට පිළතුර නිෂ්පාදනයෙන් බැහැරව සිටීම නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසිය.

Read More

‘ශ්‍රී ලංකාවේ උක් ව්‍යාපෘතිය’ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර අනුපූරක ගැලපුම් ගිවිසුමක් අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

නේපාලයේ ජාතික ආපදා අවදානම් අවම කිරීමේ සහ කළමනාකරණ අධිකාරිය විසින් අඟහරුවාදා උදෑසන නිකුත් කළ නවතම දත්තවලට අනුව, එරට ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 987 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට වසර 7ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය මිට සුළු මොහොතකට පෙර නියම කළේය.

Read More

දින කීපයක් කිරලෝගම, කදුරුගස්වැව ගම්මානයේ දික්වැවේ රැදී සිටි වන අලියා අද (01) උදෑසන එප්පාවල රොටවැව ගම්මානයේ පිහිටි රොටවැවට පැමිණ ඇත.

Read More

පාන් පිටි මිල වැඩි කිරිම හේතුවෙන් පාන් ගෙඩියක මිල රුපියල් දහයකින් වැඩි කලද සමහර බේකරිවල හදන පාන් ගෙඩිය නිසි බරකින් නොමැති විම මත තමන් දැඩි දුෂ්කරථාවයන්ට පත්වන බව මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසති.

Read More

එල්නිනෝ බලපෑමට ලක්ව ජල උප්පත් සිඳී යාම හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 2227 ක පුද්ගලයින් 8383 (අටදහස් තුන්සිය අසූ තුනක) කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත් වී ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

Read More

ආර්ජන්ටිනාවේ විශිෂ්ට පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර ඇති අතර, එය තමාට ’’වේදනාකාරී’’ තීරණයක් වුවද ’’ඒ සඳහා කාලය එළඹ ඇති’’ බව මෙසී පවසයි.

Read More

ධවල මන්දිරයේ ඩොලර් මිලියන 400 (£ මිලියන 297) ක උත්සව ශාලාවක් (බෝල් රූම්) ඉදිකිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තිරණය ඉදිරියට යා හැකි බවට එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

Read More

නිකවැරටිය පොලිස් වසමේ නිකවැරටිය නගරයේදී ඊයේ රාත්‍රී නිකවැරටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අධික වේගයෙන් හා විවිධ ශබ්ද සයිලන්සර් සවි කර අධිධාරිතා යතුරුපැදි 04ක් ධාවනය කරමින් සිටි යතුරුපැදිකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට - මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය.

Read More

පයාගල පොලිස් වසමේ කොස්හේන ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට ඊයේ රාත්‍රී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් ඇති බවට පයාගල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.

Read More
රවීට ඇප
31 08 2026 20:18:00
0 41

මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ජාතික ලොතරැයි මණ්ඩලයට බඳවාගත් නිලධාරීන් තිදෙනෙකු එම ආයතනයේ සේවයේ නොයොදවා සිය පෞද්ගලික කාර්යය මණ්ඩලයේ සේවයට යොදා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අසමාත්‍ය රවී කරුණානායක මහතා ඇප මහතා මුදා හැරිමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලියාන් වරුසවිතාන මහතා නියෝග කළේය. සැකකාර රවී කරුණානායක රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහැරීමට නියෝග කළේය.

Read More

ප්‍රවීණ මෝස්තර නිරූපණ ශිල්පිනියක, රූ රැජින තරග පුහුණුකාරිනියක සහ රංගන ශිල්පිනියක වූ චූලපද්මේන්ද්‍ර කුමාරපතිරණ මහත්මිය වයස අවුරුදු 46ක්ව සිටියදී අද හදිසියේම ජිවිතක්ෂයට පත්වූවාය. සිය නිවසේ රැඳී සිටියදී හදිසියේ ඇති වූ රෝගාබාධ තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇය මෙලෙස ජීවිතයෙන් සමුගෙන තිබේ.

Read More

2026 වසරේ පළමු මාස හත තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව හා පක්ෂව ඉදිරිපත් කර ඇති පෙත්සම් හෙට (01දා) සිට සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (IOC) සහ සයිනොපෙක් (Sinopec) සමාගමද ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය පෙට්‍රල් මිල ගණන් පහළ දැමීමට පියවර ගෙන තිබේ.

Read More

පසුගිය සතියේ දිර්ඝ සති අන්ත නිවාඩු දින පහේ (05) කාලසීමාව තුළ ලංකාවේ සමස්ත අධිවේගී මාර්ග පද්ධතියෙන් රුපියල් මිලියන 355.84 ක (රු. කෝටි 35.5 කට අධික) ආදායමක් උපයා තිබේ.

Read More

හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කැඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ

Read More

යාපහුව සංස්කෘතික උරුම කළමනාකරණ වැඩසටහන යටතේ සිදු කළ කැණීම්වලින් පුරාවිද්‍යාත්මක සාධක රැසක් මතු වී ඇති බවත්, එම සාධක පිළිබඳව තවදුරටත් විද්‍යාත්මක නිරීක්ෂණ හා පර්යේෂණ සිදුකරන බවත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසීය.

Read More

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS) සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අගෝස්තු අද (31) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් භූතානය වෙත පිටත්ව ගියා ය.

Read More

පමුණුගම පොලිස් වසමේ එපාමුල්ල මුහුදු තීරයේ දියනාමින් සිටි පිරිසක් අතුරින් කාන්තාවක්, ගැහැණු ළමුන් දෙදෙනෙකු හා පිරිමි ළමයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවට ඊයේ සවස පමණුගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

Read More

නේපාලයේ සිදුවූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 903 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 4,200 කට අධික සංඛ්‍යාවක් අතුරුදහන් වී ඇති බව එරට බලධාරීන් පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.