saravita-anim2​

2026 ඔක්තෝබර් මස 02 වන සිකුරාදා

2026 ඔක්තෝබර් මස 02 වන සිකුරාදා

Latest News - timelapse 8 hours ago

LATEST

විදේශ විනිමය රටින් පිටකිරීම පාලනයට අවධානය

calendar_today 2026 සැප් 30 - 15:21 remove_red_eye - 249  

2026 අංක 01 සහ 02 දරන විදේශ විනිමය රෙගුලාසි සහ විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තිය යටතේ නිකුත් කර ඇති නියමය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, එම රෙගුලාසි සහ නියමය සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි විය.

රුපියල් අට කෝටියක් වටිනා මෙතැම්පටමයින් හෙවත් ’’ අයිස් ’’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු 09/29 දින රාත්‍රී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .මොහු රත්මලාන , ජයමාවත ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

Read More

වෙඩි තබා ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට - වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය.

Read More

2025 වර්ෂයේ දෙවැනි කාර්තුවේ ස්ථාවර මිල යටතේ රුපියල් බිලියන 2,908ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය, 2026 වර්ෂයේ දෙවැනි කාර්තුවේදී ස්ථාවර මිල යටතේ රුපියල් බිලියන 3,029ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේනතුව පවසයි.

Read More

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති රැස්වීමේදී, ’එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය’ (OPR) දැනට පවතින 8.75%ක මට්ටමේම පවත්වාගෙන යාමට තීරණය කර තිබේ.දේශීය හා ගෝලීය වශයෙන් වෙනස් වෙමින් පවතින තත්ත්වයන් සහ ඉදිරි දැක්ම පිළිබඳව ඉතා සැලකිලිමත්ව සලකා බැලීමෙන් අනතුරුව මණ්ඩලය මෙම තීරණයට එළැඹුණ බව මහ බැංකුව නිවේදනය කරයි.

Read More

කිරිඳිවැල පොලිස් වසමේ ඉඹුලහේන ප්‍රදේශයේ නිවසක් තුල කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවට 29 වන දින සවස කිරිඳිවැල පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකාරිය වයස අවුරුදු 75 ක් වූ කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

Read More

ඔක්තෝබර් මස පළමුවැනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලිය තත්ත්වයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සිංගප්පූරුවේ ජනප්‍රිය ජලාශයක කිඹුලෙකු සිටින බව පෙන්වන, කෘත්‍රිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කරන ලද රූපයක් පළ කළ බවට චෝදනා ලැබූ පුද්ගලයෙකුට එරෙහිව පොලිසිය විසින් නඩු පවරා තිබේ.

Read More

කඩුගන්නාව පොලිස් වසමේ බැලුන්ගල ප්‍රදේශයේදී බෝතලයකින් පහරදීම හේතුවෙන් තුවාල ලබා පේරාදෙනිය රෝහලට 2026.09.29 වන දින සවස ඇතුළත් කළ පුද්ගලයෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවට කඩුගන්නාව පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු වයස අවුරුදු 38 ක් වූ කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Read More

මෙය ප්‍රතිඅපනයනය කිරීමට තැත් කළ රුපියල් විසිහය කෝටි අනු අට ලක්ෂ විසිදහසක් වටිනාකමින් යුත් දැවැන්ත සිගරට් තොගයකි.

Read More

ලබන වසරේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ප්‍රථමව යාපනය, මහනුවර හා ගාල්ල නගරවලට මෙට්‍රෝ බස් සේවය හඳුන්වාදෙන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවැසීය. එම නගර තුන වෙනුවෙන් මෙට්‍රෝ බස් රථ 50ක් මිලදි ගෙන ධාවනයට එක් කිරීමට නියමිත බවද ඒ මහතා පැවැසිය.

Read More

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග ඉන්ධන සහනාධාරය වෙනුවෙන් රුපියල් බිලියන 41ක් වෙන් කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසිය.

Read More

අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු , රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර ඇති වැඩිදුරටත් සඳහන් වෙයි.

Read More

කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම මෙන්ම වඩාත් සුවපහසු සහ ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් සැපයීමේ අරමුණින්, බස්නාහිර පළාතේ මාර්ග 7ක් ඔස්සේ අලුතින් හඳුන්වා දුන් මෙට්‍රො බස් රථ 112ක් ධාවනයට එක් කිරීමේ අවස්ථාවට තලංගම මෙට්‍රො බස් ඩිපෝ පරිශ්‍රයේදී අද (29) පෙරවරුවේ ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

Read More

කුලී ත්‍රී රෝද රථ රියදුරකු ලෙස කටයුතු කරමින් ’’යක්කල නාමල්’’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් හෙරොයින් සහ අයිස් රැගෙන විත් නාවලපිටිය ගිනිගත්හේන ගම්පොළ ඇතුළු බොහෝ ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය සැපයීම සිදුකර ඇති සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
නාමල්ට ඇප නෑ
29 09 2026 13:00:00
0 323

එයාබස් ගනු දෙනුවේදී අල්ලසක් ලබා ගත්තේ යැයි චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (29) ප්‍රතික්ෂේප කොට ඇත

Read More

ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21 ක සාපරාධී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල, නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.

Read More

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉරිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් එරට ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් හමුවූ බව දෙරට සඳුදා තහවුරු කළේය.

Read More

චීන නායක ෂී ජින්පින් සමඟ මෑතකදී පැවති හමුවේදී චීනයට ආයුධ විකිණීම පිළිබඳව සාකච්ඡා නොකළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳුදා ප්‍රකාශ කළේය. මෙය ඊට දිනකට පෙර චීනයේ සිටින එක්සත් ජනපද තානාපතිවරයා විසින් කරන ලද ප්‍රකාශයකට පටහැනි විය.

Read More

දිත්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිමෙන් අනතුරුව කොළඹ කොටුව - පේරාදෙණිය/ගම්පොල අතර දුම්රිය ධාවනය ලබන මස 02 දා සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව නව දුම්රිය කාලසටහනද දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

රත්ගම පොලිස් වසමේ කටුපොල්කෑල්ල ප්‍රදේශයේදී 2026.09.28 දින රාත්‍රී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට කැලෑබද ප්‍රදේශයක සැඟව සිටි පුද්ගලයෙකු විසින් ටී56 ගිනි අවියකින් වෙඩි තැබීමක් සිදු කර පලාගොස් ඇති බවට රත්ගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

Read More

දූෂණය මගින් ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කරන සහ විශ්වාසය බිඳ දමන ආකාරය ඉතා පැහැදිලිව දැක තිබෙන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසීය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වන සැසිවාරයේ සමුළුව අමතමින් විදේශ අමාත්‍යවරයා පැවැසුවේ පුද්ගලයෙකුගේ පසුබිම හෝ සමාජ තත්ත්වය නොසලකා, කිසිදු බියක් හෝ පක්ෂග්‍රාහීත්වයක් නොමැතිව දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වත්මන් රජය අඛණ්ඩව සිදු කරන බවයි. එසේම දේශපාලන මැදිහත්වීම්වලින් තොරව විමර්ශන සහ නඩු පැවරීමේ කටයුතු අඛණ්ඩව

Read More

තලවකැලේ නගරයේ ප්‍රධාන පාසලක 13 වසරේ අධ්‍යාපනය ලබන සිසුවියකට ජංගම දුරකථනයෙන් අසභ්‍ය දර්ශන පෙන්වා එම පාසල් සිසුවියට අතවර කිරිමට තැත්කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තලවකැලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් එම පාසලේ විද්‍යා ගුරුවරයා (28) දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම සැකකරු ලබන මස (06) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කලහ.

Read More

ඉන්දියාවේ පැවති ’’ එම්.ආර්.එෆ්. - ඉන්දීය ජාතික මෝටර් රථ ධාවන ශූරතා තරගාවලිය - 2026 ( MRF - Indian National Chalange - 2026 ) සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ’’ මෝරා ’’ මෝටර් රථ ධාවන ශූරයින්ගේ කණ්ඩායම (Mora Racing Team ) එම තරගාවලියේ , තුන් වන මෝටර් රථ ධාවන තරගයේ ප්‍රථම , දෙවන සහ තුන් වන ස්ථාන දිනා ගනිමින් , මෙරටට කීර්තියක් ද රැගෙන 09/27 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

Read More

මාර්ග අනතුරු අවම කිරීමේ අපේක්ෂාවෙන් රියදුරන් කරන වරදි සඳහා සෘණාත්මක ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ලබන මස සිට නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවැසිය.

Read More

ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ. ඌව, නැගෙනහිර පළාත් හා මුලතිව් හා පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවිමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

දිට්වා සුලි කුනාටුවෙන් විනාශයට පත්වු උඩරට දුම්රිය මාර්ගයේ හැටන් හා කොටගල අතර දුම්රිය මාර්ගය යථා තත්වයන්ට පත් කිරිමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බව හැටන් දුම්රිය ස්ථානයේ කාර්මික අංශයේ නිලධාරියකු පැවසිය.

Read More

ලක්ෂපාන දිය ඇල්ල ප්‍රදේශය සංචාරක කලාපයක් බවට පත් කිරිමට අඹගමුව ප්‍රාදේශිය සභාව විසින් පියවර ගෙන ඇත. මේ පිලිබදව අදහස් දක්වන අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති කපිල නාකන්දල මහතා පවසන ලද්දේ ලක්ෂපාන දිය ඇල්ල ප්‍රදේශය දෙස් විදෙස් සංචාරකයන්ගේ පරාදිසයක් බවට පත් කිරිමේ අරමුණ මත එම ප්‍රදේශය සංවර්ධනය කිරිමට පියවර ගන්නා බවත්ය.

Read More

විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අද (28) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතය.මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය පැවැත්වෙන්නේ ’’විශ්වාසය යළි ගොඩනැගීම, පරිවර්ථනය කළමනාකරණය කිරීම, සැමට ප්‍රතිඵල ලබා දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයක්’’ යන තේමාව යටතේය. ඇමති විජිත හේරත් මහතා මෙවර ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය ලබාදෙයි.

Read More

2026 ලෝක සංචාරක දින සැමරුම් උත්සවය නල්ලතන්නිය මෝහිණි ඇල්ල අසළ පැවැත්වීමට මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright © 2018 Wijeya Newspapers Ltd.