මම මැරෙන්නද යන්නේ - ට්‍රම්ප් අසා ඇතැයි හෙළිවේ
තමා කොවිඩ්-19 නිසා මිය යාවිදැයි ඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් තම සමීප සහායකයන්ගෙන් අසා ඇති බව ධවල මන්දිර ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.
"ස්ටැන් චේරා වගේ මමත් යන්නද යන්නේ, මාත්?" ට්‍රම්ප් සිය සහායකයන්ගෙන් තමාගේ මරණය සිදුවේවිද යනුවෙන් විමසා ඇත්තේ එලෙසිනි. පසුගිය අප්‍රේල් මාසයේ කොවිඩ්-19 නිසා මියගිය නිව්යෝක් නගරයේ සිය මිතුරෙකු හා දේපළ වෙළෙඳාම් සංවර්ධකයෙකු වූ ස්ටැන් ගැන සිහිපත් කරමින් ට්‍රම්ප් විමසා තිබේ.
මේ අතර ධවල මන්දිර මාණ්ඩලික ප්‍රධානී මාක් මෙඩෝස් වාර්තාකරුවන් පිරිසකට කියා සිටියේ ජනාධිපතිවරයාගේ සෞඛ්‍යය සැලකිය යුතු ලෙස පිරිහී ඇති නිසා, එය යථාතත්ත්වයට පත්වන මාවත පැහැදිලි නොමැති බවත්, ඉදිරි පැය 48 ඉතා වැදගත් බවත්ය.
නමුත් ධවල මන්දිර වෛද්‍ය ෂෝන් කොන්ලි කියා සිටියේ ජනාධිපතිවරයා හොඳ තත්ත්වයක පසුවන බවය. ඒ අනුව ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ව්‍යාකූල අදහස් එක්සත් ජනපදයෙන් වාර්තා වෙමින් තිබේ.
ජනාධිපතිවරයා දින පහක් ප්‍රතිවෛරස් ඖෂධ මාත්‍රාවක් ලබාගැනීමට ඉඩ ඇති බවත් වෛද්‍යවරුන් සහ හෙදියන් 13 දෙනෙකු ඔහුගේ සුවදුක් සෙවීමට සිටින බවත් හෙතෙම තහවුරු කළේය.


popular news
-
Kumar Monday, 05 October 2020 12:21 AM
I wonder where Sri Lankan news outlet got that about Trump asking that question. Nothing in local news outlets. Even though Biden sent him best wishes, Trump might want some asymptomatic person to cough on Biden to make him sick as well. The thugs he supports might do just that.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

