ගින්නෙන් දැවුණු කෞතුකාගාරය සඳහා බ්‍රසීල ජනපති ආධාර පතයි
බ්‍රසීලයේ, රියෝ දි ජැනීරෝ නුවර පිහිටි මානව විද්‍යා ජාතික කෞතුකාගාරය යළි ගොඩනැංවීම සඳහා එරට බැංකු සහ සමාගම්වල සහාය අපේක්ෂා කරන බව බ්‍රසීල ජනපති මයිකල් ටර්මර් පවසයි.
මේ අතර, බ්‍රසීල අධ්‍යාපන අමාත්‍ය රොසීලී සෝරස් පවසා සිටියේ මෙම අවස්ථාවේදී ජාත්‍යන්තරයේද සහාය අපේක්ෂා කරන බවයි. ඒ අනුව, දැනටමත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංස්කෘතික කටයුතු පිළිබඳ අධිකාරිය වන යුනෙස්කෝ සංවිධානය සමග සාකච්ඡා කරමින් සිටින බවද හෙතෙම පවසා තිබේ.
මේ අතර, මෙම සුවිශේෂී කෞතුකාගාරයේ වූ භාණ්ඩවලින් 90%ක් පමණ විනාශයට පත්ව ඇති බව එහි බලධාරීන් බ්‍රසීල රජයට දැනුම් දී තිබේ.
කෞතුකාගාරය නඩත්තු කිරීම සඳහා වූ අරමුදල් වසර ගණනාවක සිට කපා හැරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම විනාශය සිදුවූ බවට කෞතුකාගාර සේවකයෝ චෝදනා නඟති.
මානව විද්‍යාව සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රමුඛතම කෞතුකාගාරයක් ලෙස සැලකුණු මෙය, ඇමෙරිකානු ස්වභාවික ඉතිහාස කෞතුක භාණ්ඩ එකතුවකින්ද සමන්විත විය.
වයස අවුරුදු 12,000ක් යැයි නිගමනය කර තිබූ ලුසී නම් කාන්තාවගේ ශරීර කොටස්ද මෙම කෞතුකාගාරයේ තැන්පත් කර තිබුණු බව සඳහන් වෙයි.





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

