ඇමෙරිකාවේ ලක්ෂ 18ක් ආසාදිතයි - මරණ 105,000ක්
ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 18 ඉක්මවා ගොස් ඇති අතර, අද (02දා) අලුයම වනවිට ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව එය දැක්වුණේ 1,809,109ක් වශයෙනි.
එම දත්ත වාර්තාවන්ට අනුව මේ වනවිට ඇමෙරිකාවෙන් වාර්තා වන කොවිඩ්-19 ආශ්රිත සමස්ත මරණ සංඛ්‍යාවද 105,099ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඇමෙරිකාව පුරා වර්ගවාදී සිවිල් කැලඹීම් උත්සන්න වීමත් සමග ඇතිවී තිබෙන දරුණු උද්ඝෝෂණ මාලාව සමග එරට කොරෝනා වෛරසය පාලනය කිරීමේ හැකියාව තවත් ව්‍යාකූල විය හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
විශේෂයෙන්ම උද්ඝෝෂණයන්ට සහභාගී වන්නන් වැඩි පිරිසක් මුඛ ආවරණයක් හෝ පැළඳ සිටින ආකාරයක් දැකිය නොහැකි අතර, ආරක්ෂක අංශ පවා මුඛ ආවරණ නොමැතිව සේවයේ යෙදෙන ආකාරය දැකිය හැකිය.
එරට සමස්ත ආසාදිතයන් ඇමෙරිකානු ප්‍රාන්ත 50 න්, කොලොම්බියා දිස්ත්‍රික්කයේ සහ අනෙකුත් එක්සත් ජනපද බලප්‍රදේශවල ආසාදිතයන් මෙන්ම නැවත එරටට ගෙන්වා ගනු ලැබූ ආසාදිතයන්ද ඇතුළත්ව දැක්වෙන බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාල දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

