පඩිය 250000ට අඩුනම් උපයනවිට ගෙවීමේ PAYE බදු අයකිරීමක් නෑ
උපයන විට ගෙවීමේ බදු හෙවත් PAYE බදු රු.250,000කට අඩු වේතනයක් ලබන රජයේ හෝ පෞද්ගලික අංශයේ සේවකයන්ගෙන් මින් ඉදිරියට අයකිරීමක් සිදු නොවෙයි.
ඒ අනුව ඉදිරියේදී උපයන විට ගෙවීමේ ආදායම් බදු අය කිරීමේ අවම සීමාව රු.250,000ක් දක්වා සංශෝධනය කර තිබේ.
එයද ස්ථර 3ක් යටතේ 6%, 12% සහ 18% යනාදී වශයෙන් ආදායම් බදු අය කිරීමක් සිදුකෙරෙන අතර, පළමුව රු.250,000ක් ඉක්මවා යන ප්රමාණයයට 6%ක්, දෙවනුව රු. 250,000ක් ඉක්මවා යන ප්රමාණයට 12%ක් සහ තෙවනුව රු. 250,000ක් ඉක්මවා යන ප්රමාණයට 18%ක් වශයෙනි. තවද මීට පෙර අයකරන ලද උපරිම ආදායම් බදු ප්රතිශතය වූ 24%ක් වූ සීමාව මේ අනුව 18%ක් දක්වා අඩු කර ඇත.
මෙම නව බදු සංශෝධනවලට අනුව රු.250,000 ට වැඩි ආදායමක් ලබන සේවා නියුක්තිකයෙකු නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ලිපිගොනුවක් විවෘත කර ස්වයං තක්සේරුව මගින් බදු ගෙවීම සිදුකළ යුතුය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

