අපනයනය සඳහා තක්කාලි වගා කිරිමේ වැඩසටහනක් මාතලේදී
ජනාධිපති ලේකම් කාර්යාලයේ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩ සටහන යටතේ ආරක්ෂිත ගෘහ තුළ අපනයනය සඳහා තක්කාලි වගා කිරිමේ වැඩසටහනක් මාතලේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මේ සඳහා රන්දිය ලංකා (පෞද්ගලික) සමාගමේ දායකත්වය සහ සහභාගිත්ව ලබාගන්නා බවත්, වයස අවුරුදු 18- 45 අතර තරුණ කෘෂි ව්‍යවසායකයන් 300ක් මාතලේ දිස්ත්‍රික්කයෙන් තෝරා ගැනීමට නියමිත බවත් පැවසෙයි.
ඔවුන් සඳහා 6.5 % පොලී අනුපාතයක් යටතේ ණය ආධාර බැංකු මගින් සපයනු ඇති අතර, මසකට අස්වැන්න කිලෝ ලක්ෂ 02 ක් අපනයනය කිරීමට ඉලක්ක කර තිබේ. වගා කරනු ලබන සියලුම අස්වැන්න මිලදී ගැනීමට රන්දිය සමාගම බලාපොරොත්තු වේ.
මේ සඳහා ව්‍යවසායකයින් තෝරාගැනීම කෘෂි කර්ම උපදේශවරුන්, කෘෂි පර්යේෂණ නිලධාරීන් සහ කෙෂ්ත්‍ර නිලධාරීන් මගින් සිදු කර අතර ප්‍රාදේශිය ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්ගේ අනුමැතිව අනුව අදාළ ණය පහසුකම් ලබාදීම පිණිස කටයුතු කෙරෙන බවද පැවසෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

